Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඔලිම්පික් ගිය ශ්‍රී ලාංකිකයන්ට ජනපති සම්මාන

ඔලිම්පික් ගිය ශ්‍රී ලාංකිකයන්ට ජනපති සම්මාන

ශනුක අරවින්ද - 2017 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එදා මෙදා තුර ඉතිහාසයේ (1948 වසරේ සිට) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා සහභාගි වූ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට රන් සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

මේ වසරේ පැවැත්වෙන ක්‍රිඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව ක්‍රිඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඔලිම්පික් සංගමය මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබූණ අතර එහිදී  ඔලිම්පික් තරග නියෝජනය කළ ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවෝ 41 දෙනෙක් ජනාධිපතිවරයා අතින් රන් සම්මාන ලැබූහ.

ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයට රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය එස්. බී. දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරු සහ පළාත් ක්‍රිඩා අමාත්‍යවරුද, ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්. බී. දිසානායක සහ ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සභාපති ශ්‍රියානි කුලවංශ, ලේකම් දමයන්ති දර්ශා යන මහත්මීහූ ඇතුළු ඔලිම්පික් වරම් ලද ක්‍රිඩක ක්‍රිඩිකාවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ඡායාරූපය : සුදත් සිල්වා

ඡායාරූප තවදුරටත්...

 

-036

 


අදහස් (0)

ඔලිම්පික් ගිය ශ්‍රී ලාංකිකයන්ට ජනපති සම්මාන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.