Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් 23 ක්

ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් 23 ක්

editorial - 2019 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැනඩාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, රන් පදක්කම් 23 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගනිමින් අද (25)  දහවල් යළි මව්බිමට පැමිණියහ.

රටවල් 35 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක පමණ සහභාගීත්වයෙන් මේ මස 15 වැනිදා සිට කැනඩාවේ සෙන්ට් ජෝන්ස්හි නිව් ෆවුන්ඞ්ලන්තයේදී මෙම තරගාවලිය පැවැත්විණි.

මෙම තරගාවලියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ 05 දෙනෙක් සහ ක්‍රීඩිකාවක් සහභාගී වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම තරග ඉසව් 04 ක් යටතේ  තරග කර මෙම ජයග්‍රහණයන් ලබා ගෙන තිබුණි.

ශ්්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රථම වරට මෙම තරගාවලියට සහභාගී වූ මේරියන් ද සොයිසා රිදී පදක්කමක් දිනා ගනිමින් මෙම ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් ලබා දිනා දුන් ප්‍රථම ක්‍රීඩිකාව බවට පත්වූවාය.

මෙම පිරිස , ඔවුන් දිනා ගත් පදක්කම් ද සමග අද (25) දින දහවල් 1.05 ට ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම පිළිගැනීම සඳහා මෙම ක්‍රීඩකයින්ගේ දෙමව්පියන්, නෑදෑ හිතවතුන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක්ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

“මේ තරගාවලියට සහභාගී වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙනෙකු තෝරා ගත්තා. එහෙත් කැනඩා රජය එයින් 06 දෙනෙකුට පමණයි වීසා දුන්නේ... ඒ 26 දෙනාම අපිට අරන් යන්න පුළුවන් වුණා නම් මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනූ කැනඩාව පරදවා අපිට සමස්ථ ශූරතාවය දිනා ගැනීමට හැකියාව තිබුණා” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මෙන්ම සවි එසවීමේ අතුරු පාලක කමිටුවේ සභාපති වෛද්‍ය ලාල් ඒකනායක මහතා පැවසීය.

(කටුනායක ටී.කේ.ජී.කපිල)


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් 23 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.