Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජකීය විද්‍යාලය ‘අසල්වාසීන්ගේ හටන’ ජයගනී

රාජකීය විද්‍යාලය ‘අසල්වාසීන්ගේ හටන’ ජයගනී

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොණරාගල රාජකීය විද්‍යාලය සහ මොණරාගල මහනාම විද්‍යාලය අතර බුත්තල යුදහමුදා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති 14 වැනි ‘අසල්වාසීන්ගේ හටන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 14 කින් ජයගැනීමට රාජකීය විද්‍යාලය සමත්විය.
 
කාසියේ වාසිය දිනූ මහනාම විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා රාජකීය විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 49.5 කදි සියලුදෙනා දැවී ලකුණු 263 ක් රැස්කිරීමට ඔවුන් සමත්විය.
 
දමිඳු රෂ්මික (53) අර්ධ ශතකයක් ලබාගනිමින් රාජකීය විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර චමිඳු මාලක ලකුණු 36 ක් සහ අවිෂ්ක ලක්ෂාන් ලකුණු 26 ක් රැස්කිරීමට සමත්වූහ.
 
චරිත ප්‍රභාෂ් ලකුණු 28 කට කඩුලු 3 ක් සහ කවිඳු ලක්ෂාන් ලකුණු 60 කට කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 264 ක ඉලක්කයක් හඹාගිය මහනාම විද්‍යාලයට ඕවර 49.1 කදී සියලුදෙනා දැවි රැස්කිරීමට හැකිවූයේ ලකුණු 249 ක් පමණි.
චරිත ප්‍රභාෂ් (69) සහ යසිරු අංජන (55) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවද මහනාම විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් අපොහොසත් වූහ.
 
මිතුන් සේමසිංහ කඩුලු 3 ක් සහ සකුණ නිදර්ශණ කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
රාජකීය විද්‍යාලය - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 263
(දමිඳු රෂ්මික 53, චමිඳු මාලක 36, අවිෂ්ක ලක්ෂාන් 26, චරිත ප්‍රභාෂ් 28/3, කවිඳු ලක්ෂාන් 60/2)
 
මහනාම විද්‍යාලය - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 249
(චරිත ප්‍රභාෂ් 69, යසිරු අංජන 55, තරිඳු ලක්ෂාන් 46, ධනංජය දළුවත්ත 34, මිතුන් සේමසිංහ 20/3, සකුණ නිදර්ශණ 42/2)
 

අදහස් (0)

රාජකීය විද්‍යාලය ‘අසල්වාසීන්ගේ හටන’ ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.