Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ජනවාරි මස 13 වැනිද දක්වා පැවැති තරගවලදී සිය අපරාජිකත්වය රැකගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සමත්වී තිබේ.
මේ වන විට ප්‍රසාද ලකුණු 26 ක් ලබා සිටින බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය මෙතෙක් තරග 10 කට සහභාගි වී ඇති අතර ඉන් තරග 8 ක් ජයගෙන, එක් තරගයක් හෝ පරාජය නොවී සෙසු තරග 2 විසඳුමකින් තොරව අවසන් කර ගෙන තිබේ.
ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය ප්‍රසාද ලකුණු 25 ක් ලබා බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයට පමණක් දෙවැනි වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 10 න් 8 ක් ජයගෙන ඇති ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය තරගයක් පරාජය වී, සෙසු තරගය විසඳුමකින් තොරව අවසන් කර ගෙන තිබේ.
තරග 10 කට සහභාගි වී ඇති කොළඹ ක්‍රීඩා සමාජය තරග 6 ක් ජයගෙන, තරගයක් පරාජයට පත්වී, සෙසු තරග 3 ජය පැරදුමකින් තොරව අවසන් කරගෙන ලකුණු 21 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.