Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ටෙලිකොම් පාපැදි ශූරයා චාමික

ටෙලිකොම් පාපැදි ශූරයා චාමික

නාමල් පතිරගේ - 2019 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කිලෝමීටර 813.8 ක ධාවනයක් නිමාවේදී සිවුවැනි ටෙලිකොම් පාපැදි සවාරියේ ජයග්‍රාහකයා ලෙස රුපියල් මිලියනයක ත්‍යාගය නාවික හමුදාවේ ක්‍රීඩක චාමික සඳුන් කුමාර විසින් දිනාගන්නා ලදී. විනාඩි 4 තත්පර 11ක වෙනසකින් මෙවර ටෙලිකොම් පාපැදි කුසලාන දිනාගත් චාමික සඳුන් කුමාර 2017 ටෙලිකොම් පාපැදි සවාරියේත් ජයග්‍රාහකයායි.

ගිහාන් පුෂ්පකුමාර පසුගිය වසරේ (2018) සවාරියේ ශූරතාව දිනූ නමුත් මෙවර සමස්ත තරගයේ අත්වූයේ හත් වැනි ස්ථානයයි.

තරගකරුවන් 138 දෙනකුගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (24) දෙහිවල ගුවන් පාලම අසලින් ආරම්භ වූ මෙම පාපැදි තරගය ඊයේ (28) දඹුල්ලේ මිරිස්ගෝනියාව මංසන්ධියෙන් නිමාවට පත් වනවිට මුළු තරගය අවසන් කිරීමට සමත්වූයේ පාපැදිකරුවන් 79 දෙනෙකු පමණි.

අදියර පහකින් පැවති මෙවර ටෙලිකොම් පාපැදි සවාරියේ එක් අදියරක් පමණක් ජයගත් චාමික සඳුන් කුමාර කඳුතරණයේදී දැක්වූ දක්ෂතාව ඔහුට සමස්ත තරගයේ වාසිය ගෙනදීමට ප්‍රධානතම කාරණාව විය.

තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ උපුල් චන්දන ප්‍රියනාත් මහතා පැවසුවේ, කඳු සහිත වූද සමස්ත ධාවන මාර්ගයේ තරගකරුවන්ගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 38.3 ක් ගත් බවයි. මෙම තරගය සඳහා අතිනවීණතම වාහන, මැනුම් පණිවිඩ හුවමාරු යන්ත්‍ර හා කාලඝනක යන්ත්‍ර යොදා ගැනීම සිදුවූ බැවින් එය ජාත්‍යන්තර පාපැදි තරගයක ස්වරූපයක් ගත් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

ත්‍රිකුණාමලයේ සිට දඹුල්ල දක්වා මුළු තරගය නිමාවට පත් කරමින් පැවැති අවසන් අදියර තරගයේ (කිලෝමීටර් 98) ජයග්‍රාහකයා වූයේ පසුගිය කාලයේ දස්කම් අතින් අවම මට්ටමක පසුවූ ජීවන් ජයසිංහයි. වසර 2016 සාග් ක්‍රීඩා උළෙලේදී පාපැදි (පිරිමි) රන් පදක්කම් දෙකක් දිනා ගනිමින් එකල ඉහළ අවධානයක් දිනා ගත් ගුවන් ක්‍රීඩක ජීවන්ට මුළු තරගයේදී අත්වූයේ 52 වැනි ස්ථානයයි. පැය 22 විනාඩි 18 තත්පර 33ක කාලයක් එහිදී ඔහු ඒ සඳහා ගත කර තිබේ.

මෙවර සමස්ත තරගය ජයගත් චාමික සඳුන් කුමාර කලකට පසුව ජයගත් ප්‍රධානතම පාපැදි සවාරියේදී ඔහු වේගවත්ම (ස්ප්‍රින්ට්) තරගකරුවාටත් එහිදී සම්මාන දිනා ගත්තේය.

මෙම තරගයේදී යොවුන් තරගකරුවකු ලෙස ඉහළම අවධානය දිනාගත් වරාය ක්‍රීඩක චමෝද් ද සිල්වා ගැන විශේෂයෙන්ම කතා කිරීමේදී කැපී පෙනෙන්නේ ඔහු මුළු තරගයේ 14 වැනි ස්ථානය ලැබූවත් සිවු වැනි අදියර ලෙස පැවති දීර්ඝතම අදියර ඔහු කලින් අදියර තරගයේදී අනතුරකට ලක්ව සිටියදී ජය ගැනීමට සමත් වීමය.

කුරුණෑගල සිට වවුනියාව දක්වාත්, (කිලෝමීටර් 152.2) හා වවුනියාව සිට ත්‍රිකුණාමලය දක්වාත් (කිලෝමීටර 98) උප අදියර දෙකකින් පැවති එම සිවු වැනි අදියර ඔහු ජයගත්තේ උප අදියර  දෙකේම ජයග්‍රාහකයා බවට පත්වෙමිනි.

කුරුණෑගල සිට බණ්ඩාරවෙල දක්වා පැවැති තරගයේ තෙවැනි අදියර ආරම්භයේ සිදුවූ අනතුරකින් තුවාල ලබා ඔහු ප්‍රමාදයකින් පසුව නැවත තරගයට එක්විය. එම අනතුරෙන් එතෙක් සමස්ත තරගයේ පෙරමුණ ගෙන සිටි සජිත් හසන්තටද තුවාල ලබා රෝහල් ගතවීමට සිදුවිය.

මෙවර සමස්ත තරගය නිමාවේ කඳු නැගීමේ ශූරයා කිරුළ දිනාගත්තේ වරාය ක්‍රීඩක විරාන් රමේෂ්ය. ප්‍රභාත් මධුශංඛ හොඳම යොවුන් ක්‍රීඩකයාට හිමි සම්මානය ලැබීය.

ටෙලිකොම් පාපැදි සවාරියේ මෙවර කාන්තා පාපැදි සවාරියේ ජය හිමිවූයේ යුද හමුදා ක්‍රීඩිකා ජී.ඒ.එස්. දිල්හානිටය. කිලෝමීටර 161 ක් අදියර දෙකකින් ධාවනය වූ එහිදී පසුගිය වසරේ ශූරිය වූ දිනේෂා දිල්රුක්ෂි තත්පර නවයකින් පසුබස්වමින් ඇය රුපියල් 2,50,000 ත්‍යාගය දිනා ගත්තේ තරගකාරියන් 21 දෙනකු අභිබවමිනි.

මුදලින් රුපියල් ලක්ෂයක් හිමිවූ මෙවර පළමුවතාවට හඳුන්වා දුන් කනිෂ්ඨ පිරිමි ඉසව්වේ ජයග්‍රාහකයා වූයේ වී.කේ.එච්. දිල්මිණයි. කිලෝමීටර 65.8ක් ගෙවීමට ඔහුට එහිදී පැය 1 විනාඩි 42 තත්පර 40ක් ගතවිය. තරගකරුවෝ 74 දෙනෙක් ඊට සහභාගි වූහ.


සිව්වැනි ටෙලිකොම් පාපැදි සවාරියේ ඉසව් ප්‍රතිඵල

රේසින් - පිරිමි (අදියර 5 නිමාවේ සමස්ත තරගයේ ප්‍රතිඵලය (කිලෝ මීටර - 813.8)

1. චාමික සඳුන් කුමාර (නාවික හමුදාව - පැය 20 විනාඩි 59 තත්පර 20),
2. විරාන් රමේෂ් (වරාය - 21.03.31),
3. නිහාල් සිල්වා (නාවික හමුදාව - 21.05.29),
4. සඳරුවන් පින්තු (යුද හමුදාව - 21.06.06),
5. ප්‍රභාෂ් මධුසංඛ (නාවික හමුදාව - 21.07.41)
6. ජනක හේමන්ත කුමාර (නාවික හමුදාව - 21.08.13),
7. ගිහාන් පුෂ්පකුමාර (යුද හමුදාව - 21.08.42),
8. අවිෂ්ක උමයංග (පොලිස් - 21.09.13),
9. සුරේෂ් රණවීර (දෙහිවල-ගල්කිස්ස - 21.09.44),
10. පැතුම් සම්පත් වීරසිංහ (යුද හමුදාව - 21.10.45)


රේසින් - කාන්තා (කිලෝ මීටර 144)

1. ජී.ඒ.එස්. දිල්හානි (යුද හමුදාව - පැය 4 විනාඩි 29 තත්පර 12),
2. දිනේෂා දිල්රුක්ෂි (ගුවන් හමුදාව - 4.29.21),
3. යූ.එන්. කුමාරසිංහ (යුද හමුදාව - 4.29.28),
4. ටී.ඒ.එස්. සඳමිණි (යුද හමුදාව - 4.29.34),
5. පංචාලි සුලෝචනා (ගුවන් හමුදාව 4.33.30),
6. අයේෂා මධුෂානි (නාවික හමුදාව - 4.33.34),
7. කේ.එල්. සුභාෂිණී (සුපර් බේරු - 4.33.49),
8. ඩබ්.ආර්. මධුමාලි ප්‍රනාන්දු (යුද හමුදාව - 4.35.34),
9. නිලුකා ශ්‍යාමලී (ෆිට්වීල් - 4.35.41),
10. නිමේහා මධුරංගි (ගුවන් හමුදාව - 4.35.41)


රේසින් - කනිෂ්ඨ පිරිමි (කිලෝ මීටර 65.8)

1. ටී.වී.කේ.එච්. දිල්මිණ (ටෙෂිනිල් - පැය 1 විනාඩි 42 තත්පර 40),
2. කේෂාන් මධුරංග (සිල්වස්ටාර් - 1.42.52),
3. දිනුෂ සාරංග (කැලණිය - 1.42.52),
4. රුචිර කාවින්ද (මීගමුව - 1.44.30),
5. ටි්‍රෂාන් සංජුල (ටුවිල් - 1.44.30),
6. කේ.ආර්.ඒ. පෙරේරා (කිරිබත්ගොඩ ද ෆ්‍රෙන්ඞ්ස්),
7. ඩබ්.එම්.එස්. කසුන් (කිරිබත්ගොඩ ද ෆ්‍රෙන්ඞ්ස්),
8. කේ.ඩී.එස්.වී. මධුමාධව (අනුරාධපුරය 1.44.30),
9. තිළිණ ප්‍රදීප් (සුපර් වීල් - 1.42.52),
10. උදිත අවිෂ්ක (අනුරාධපුර - රංජිත් අනුර - 1.42.52)


පිරිමි - රේසින් කණ්ඩායම් ඉසව්ව
1. නාවික හමුදා කණ්ඩායම (පසිඳු ලක්ෂාන් - රුවන් ප්‍රියදර්ශන - සුරේෂ් ප්‍රසංග - විනාඩි 63.00.12),
2. යුද හමුදා කණ්ඩායම (අවිෂ්ක  මැඩොන්සා - ගිහාන් පුෂ්පකුමාර - සඳරුවන් පින්තු - 63.16.23),
3. වරාය අධිකාරි ක්‍රීඩා සමාජ කණ්ඩායම (විරාත් රමේෂ් - විමුක්ති දේෂාන් - චමෝද් ද සිල්වා - 63.35.51)


අදහස් (0)

ටෙලිකොම් පාපැදි ශූරයා චාමික

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.