Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි අදියර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් සැප්තැම්බර් මස 28 සහ 29 දෙදින කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වෙයි. ආසියාවේ දැවැන්තම රග්බි ඉසව්වටක් වන මෙම තරගාවලියට ශ්‍රී ලංකා රග්බි ආයතනය සත්කාරකත්වය ලබා දෙන පස්වැනි වසර මෙය වේ.
දකුණු කොරියාවේ ඉන්චියොන් නුවරදී සහ චීනයේ හුයිෂූ නුවරදී ආසියානු රග්බි තරගාවලියේ අනෙක් අදියර තරග පැවැත්වේ. මීට පෙර තරගාවලියේ පළමු අදියර සඳහා සත්කාරත්වය ලබාදෙමින් සිටි හොං කොං මෙවර ඉන් ඉවත්වූයේ සිය රටෙහි පැවැත්වෙන දේශීය රග්බි තරගාවලියට වැඩි අවධානයක් යොමු කිරීමේ අදහසිනි.
මේ අතර පසුගිය වසරේදී සත් සාමාජික රග්බි ක්‍රීඩාවට වැඩි අවස්ථාවක් ලබාදෙමින් 15 සාමාජික රග්බි ශුරතාවලියේ පළමු කොටසේ තරගාවලියට එක්නොවූ ශ්‍රී ලංකාව ආසියානු රග්බි සංගමය සමග සාර්ථකව සාකච්ඡා කිරීමෙන් පසුව මේ වසරේදී නැවත එම ශූරතාවලියට එක්වීමේ අවස්ථාව උදාකරගත්තේය. ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, චීන තායිපේ සහ පිලිපී්නය මේ වසරේ මැයි හෝ ජූනි මාසයේ චීන තායිපේහි නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු ශූරතාවලියට ක්‍රීඩා කරති.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීන තායිපේ හී පැවැති අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන රග්බි තරගාවලියේදී ලද පරාජය නිසා සුපිරි තරගාවලියේ සිට පළමු කොටසේ තරගාවලියට පසුබෑ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල තායිලන්තය, පිලිපීනය සහ චීනය සමග මේ වසරේදී පළමු කොටසේ තරගාවලියට ක්‍රීඩා කරයි.
ආසියානු රග්බි සංගමය එම තරගාවලිය සඳහා මෙතෙක් ක්‍රීඩාංගණයක් නම් කර නොමැති අතර බොහෝ විට එය ලබන දෙසැම්බරයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වනු ඇත.
අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි ශූරතාවලිය ලබන අගෝස්තු මාසයේ 24 සහ 25 දෙදින කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වෙන අතර ඒ සඳහා මෙතෙක් කිසිම රටක් නම් කර නොමැත.
වසර 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගන්නා තරගාවලිය කොරියාවේ පැවැත්වීමට නියමිත අතර එහි කාන්තා තරගාවලිය චීනයේ පැවැත්වෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.