Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 2024 ඔලිම්පික් උළෙලට ස්ථාවර සංචිතයක්

2024 ඔලිම්පික් උළෙලට ස්ථාවර සංචිතයක්

නාමල් පතිරගේ - 2019 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

වසර 2024 නියමිත ඔලිම්පික් උළෙල ඉලක්ක කරමින් වසර හයක් දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන නේවාසික ක්‍රීඩා පුහුණු සංචිතයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැරසේ. ශ්‍රී ලංකාවට ඔලිම්පික් උළෙලකදී පදක්කමකට ළඟාවිය හැකි මට්ටමේ ඉහළම දස්කම් දැක්විය හැකි තෝරා ගත් ක්‍රීඩා ඉසව් කිහිපයකට අයත් වයස අවුරුදු 15 ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම සංචිතය සඳහා නිර්දේශ කෙරේ.

සංචිතය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකු පමණ තෝරා ගැනීමට නියමිතය.

වසර 2024 ට නියමිත 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරය ප්‍රංශයේ පැරිස් නුවරට පවරා තිබේ. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පරාජයට පත්කරමින් ප්‍රංශයේ පැරිස් නුවර 2024 ඔලිම්පික් උළෙල සඳහා සත්කාරයට සුදුසුකම් ලබන අතර, එය එම වසරේ ජුලි 26 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා ක්‍රීඩා ඉසව් 28 කින් සමන්විතව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ජාතික ක්‍රීඩා සභාවේ අදහසකට අනුව එය ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාවට නංවන අතර, ඒ සඳහා මේ වනවිටත් ඇතුළත් කර ගන්නා ක්‍රීඩා ඉසව් පිළිබඳව සාකච්ඡා ආරම්භ වී තිබේ.

ශ්‍රී ලංකාවේ මේ දක්වා ඔලිම්පික් ක්‍රීඩා දස්කම් මලල ක්‍රීඩා රිදී පදක්කම් දෙකකට (1948 දී සහ 2000 දී) පමණක් සීමා වී තිබෙන අතර, ශ්‍රී ලංකාව අනාගතයේ තවත් ඔලිම්පික් පදක්කම් අපේක්ෂා කරන්නේ නම් දීර්ඝ කාලීන නේවාසික පුහුණුවීම් වැඩසටහනකට යා යුතු බවට ක්‍රීඩා ප්‍රවීණයෝ යෝජනා ඉදිරිපත් කරමින් පෙන්වා දෙති.

වසර ගණනාවක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන මෙම දීර්ඝ කාලීන නේවාසික පුහුණු සංචිතයේ විශේෂත්වය වන්නේ ඒ සඳහා තෝරා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදෙන සියලුම පහසුකම් එකී මුළු කාලය තුළදීම රාජ්‍ය අනුග්‍රහයෙන් ලබාදීමය.

එහිදී ඔවුන්ට ලැබෙන ඉහළ පහසුකම් අතර කොළඹ සුපිරි පාසල්වලට ඇතුළත් වී අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද සැලසේ. වයස 15න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතයට තෝරා ගැනීමේ පදනම වන්නේ පැරිස් ඔලිම්පික් උළෙල පැවැත්වෙන 2024 වනවිට ඔවුන් ඊට වඩාත් උචිත නව යොවුන් වියේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත්ව සිටීමය.

 


අදහස් (0)

2024 ඔලිම්පික් උළෙලට ස්ථාවර සංචිතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.