Last Update  :  2024-04-26 21:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙරළ වොලිබෝල් රන් - රිදී පදක්කම් ශ්‍රී ලංකාවට

වෙරළ වොලිබෝල් රන් - රිදී පදක්කම් ශ්‍රී ලංකාවට

editorial - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ පොකෙරාහිදී අද (8 වැනිදා) පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් ඉසව්වේ පිරිමි සහ කාන්තා තරගවල රන් සහ රිදී පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඒ අනුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ එදා මෙදා තුර ඉතිහාසය තුළ කණ්ඩායම් ඉසව්වක පිරිමි සහ කාන්තා රන් සහ රිදී පදක්කම් දෙකම එකම රටක් විසින් දිනාගනු ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක් විය.

පිරිමි අවසන් මහ තරගයේදී වට 2-0 කින් ඉන්දික ටිරෝන් සහ ජයාන් තනුජ පරාජය කළ අසංක ප්‍රදීප් කුමාර සහ අශේන් රශ්මික රන් පදක්කම දිනාගත් අතර කාන්තා අවසන් මහ තරගයේදී වට 2-1 කින් දිනේෂා ප්‍රසාදිනී සහ කසුනි චාරුකා කළ දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුෂානි රන් පදක්කම දිනාගතහ.

අවසන් පූර්ව වටයේදී පාකිස්තාන කණ්ඩායම් දෙකක් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී නේපාල කණ්ඩායම් පරාජය කරමිනි.


පිරිමි අවසන් මහ තරගය
අසංක ප්‍රදීප් කුමාර සහ අශේන් රශ්මික විසින් වට 2-0 ක් ලෙස ඉන්දික ටිරෝන් සහ ජයාන් තනුජ පරාජය කරන ලදහ. (21/19, 21/17)

කාන්තා අවසන් මහ තරගය
දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුෂානි විසින් වට 2-1 ක් ලෙස දිනේෂා ප්‍රසාදිනී සහ කසුනි චාරුකා පරාජය කරන ලදහ. (21/19, 21/18, 15/13)


-036

 


අදහස් (0)

වෙරළ වොලිබෝල් රන් - රිදී පදක්කම් ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.