Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔනෙලි ලෙහන්සා ත්‍රිත්ව ශූරතා දිනයි

ඔනෙලි ලෙහන්සා ත්‍රිත්ව ශූරතා දිනයි

ශානුක අරවින්ද - 2019 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
 
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට වසර 104 ක් පිරීම නිමිත්තෙන් එම විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ 82 කණ්ඩායම සංවිධානය කළ බස්නාහිර පළාත් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනාගැනීමට කොළඹ මියුසියස් විදුහලේ ඔනෙලි ලෙහන්සා සමත් වූවාය.

වයස 15 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී කොළඹ කාන්තා විදුහලේ මින්නා හසීම්ද, වයස 18 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී ගම්පහ සිරිකුරුස විදුහල විදුහලේ නෙත්මි හෙට්ටිආරච්චිද පරාජය කළ ඔනෙලි, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ විවෘත කාන්තා අවසන් මහ තරගයේදී ගල්කිස්ස බෞද්ධ බාලිකා විදුහලේ ඔෂාදි උමයංගනාද පරාජය කරමිනි.
 
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ. නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති මලින්ස් අල්විස් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්විය.

බාලක තරග ප්‍රතිඵල

■    වයස 8 න් පහළ

යෙනුල් බිම්සර (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස අහිල් නබීල් (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/06, 08/11, 12/10)
 
■    වයස 10 න් පහළ
සන්දිත් හෙන්ඳහේවා (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස පසිඳු බාෂිත (බෝපිටිය ලොයෙලා විදුහල) පරාජය කරන ලදි. (08/11, 11/03, 11/05)
 
■    වයස 12 න් පහළ
දෙව්මෙත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස දනුක් ලමාසූරිය (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (13/11, 14/12)

■    වයස 15 න් පහළ
අතීෆ් රුස්ති (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/02, 11/07)
 
■    වයස 18 න් පහළ
 සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස අතීෆ් රුස්ති (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/06)

බාලිකා තරග ප්‍රතිඵල

■    වයස 8 න් පහළ
ෂෙනෙලා පෙරේරා (ගම්පහ සිරිකුරුස විදුහල විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස රනුකි සේනාරත්න (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/08)

■    වයස 10 න් පහළ
මේකල්‍යා ප්‍රනාන්දු (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස සසිනි පනාගොඩ (ගම්පහ සුමේධ විදුහල) පරාජය කරන ලදි. (09/11, 11/07, 11/07)

■    වයස 12 න් පහළ
සඳින්ති ජයසිංහ (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ෂෙනාලි කාව්‍යා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/03, 11/06)

■    වයස 15 න් පහළ
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මින්නා හසීම් (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/09, 14/12)

■    වයස 18 න් පහළ
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස නෙත්මි හෙට්ටිආරච්චි (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/06)

විවෘත තරග ප්‍රතිඵල

■    විවෘත පිරිමි
රසික මනෝජ් (යුද හමුදාව) විසින් තරග වට 2-0 ක් ලෙස මහිත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/08, 11/09)

■    විවෘත කාන්තා
ඔනෙලි ලෙහන්සා (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ඕෂදී උමයංගනා (ගල්කිස්ස බෞද්ධ බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/06)

 


අදහස් (0)

ඔනෙලි ලෙහන්සා ත්‍රිත්ව ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.