කළුතර දිස්ත්‍රික් මුස්ලිම් ලීග් තරුණ පෙරමුණ සංවිධානය කළ ආදිල් බාකිර් අභියෝග පාපන්දු තරගාවලියේදී ශුරතාව දිනාගැනීමට බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජය සමත්විය.
කණ්ඩායමකට 07දෙනා බැගින් වූ මෙම පාපන්දු තරඟාවලිය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ 24 ක් සහභාගි විය.
බේරුවල පුපර් සන් ක්‍රීඩා සමාජය හා කළුතර එයාර් ලංකා ක්‍රීඩා සමාජය අතර බේරුවල ගෝල්ඩන් ගේට් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගයේදී පැවැති අවසන් තරගය දඬුවම් පහර 3-2ක් ලෙස ජය සුපර් සන් කණ්ඩායමට හිමි විය.
අවසන් කරඟයේ ත්‍යාගප්‍රදාන උත්සවය විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී සුපර් සන් ක්‍රීඩා සමාජයට ආදිල් බාකිර් මාකර් කුසලානය සමග රු.50000/-ක මුදල් ත්‍යාගයක්ද එයාර් ලංකා ක්‍රීඩා සමාජයට අනුශුරතාව සමග රු.30000/-ක මුදලක්ද ත්‍යාගයක්ද හිමිවිය.
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.