Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාවට තුන්වැනි ස්ථානය

ශ්‍රී ලංකාවට තුන්වැනි ස්ථානය

editorial - 2019 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජපානයේ ‘කෂීමා’ නගරයේදී නිමාවට පත් වූ 11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම තෙවනි ස්ථානය ලැබීය. ඊයේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 75-49 කින් හොංකොං පරාජය කරමින් තෙවනි ස්ථානය අත්කර ගත්තේය.

කොරියාවේදී පැවැති පසුගිය (2017) තරගාවලියේදී ද එම දෙපිල තෙවනි ස්ථානය තේරීමේ තරගයට සහභාගි වීමේදී ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයෙන් තරගාවලිය අවසන් කළේය.

මෙවර අවසන් පූර්ව තගරයේදී ශ්‍රී ලංකාව ශූරතාව දිනාගත් මලයාසියාවට ලකුණු 72-54 කින් පරාජයට පත් විය. සෙසු අවසන් පූර්ව තරගයේ ජය සිංගප්පූරුව හිමිකර ගත්තේ හොංකොං ලකුණු 62-36 කටය.

තරගාවලිය නිමාවට පත්කරමින් අද (7 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී තියුණු සටනකින් පසුව මලයාසියාව විසින් සිංගප්පූරුව ලකුණු 59-48 කින් පරාජය කරන ලදී.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේදී කොරියාව, නේපාලය හා තායිලන්තය පරාජය කරමින් අවසන් පූර්ව වටයට ප්‍රවේශ විය.

කෙසේවූවත් එම රටවල් මෙම තරගාවලියට බොහෝ ආධුනික වන අතර වසර 2015 හොංකොංහිදී පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගත්තේ අවසන් මහ තරගයේදී මලයාසියාව ලකුණු තුනකින් පරාජය කරමිනි.

මේ අතර පෙරේදා (6) තරගාවලියට සමගාමීව පැවති කෂීමා නුවරදී පැවති ආසියානු දැල්පන්දු සමුළුවේ සැසිවාරය හා නිලවරණයේදී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු නියෝජ්‍ය සභාපතිනි ලක්‍ෂ්මි වික්ටෝරියා මහත්මිය ආසියානු සමුළුවේ උපසභාපති ධූරයට පත්ව තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට තුන්වැනි ස්ථානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.