Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව උතුරු කොරියාවේ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ අසල්වැසියා සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා ඔලිම්පික් උළෙල භාවිතා කිරීමට සෝල් පාලකයන් බලාපොරොත්තු තබා සිටියද උතුරු කොරියාවේ මෙම තීරණයත් සමගින් එම බලාපොරොත්තු බිඳ වැටී තිබේ.
උතුරු කොරියාව අවසන් වරට සහභාගි වූයේ ශීත සෘතු ඔලිම්පික් උළෙලටයි. දකුණු කොරියාව එහි සත්කාරකත්වය දැරූ අතර පසුව එය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයේ උත්ප්‍රේරකයක් විය.
උතුරු කොරියාවේ ඔලිම්පික් කමිටුව තීරණය කළේ “කොවිඩ් -19 නිසා ඇති වූ ලෝක සෞඛ්‍ය අර්බුදයෙන් ක්‍රීඩකයන් ආරක්ෂා කිරීම සඳහා 32 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී නොවීමටයි” යයි උතුරු කොරියාවේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියේ සටහන් වේ. එහෙත් විශ්ලේෂකයින් පැවසුවේ මේ සම්බන්ධයෙන් වෙනත් සාධක ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවයි.
මාර්තු 25 වන දින ජාතික ඔලිම්පික් කමිටුවේ රැස්වීමක් වාර්තා කරමින් ඒබ ව ක්‍රීඩා අමාත්‍යංශ වෙබ් අඩවියේ සටහන් වූ නමුත් ප්‍රවෘත්ති ඒජන්සිය මීට පෙර නිකුත් කළ වාර්තා අනුව ඔලිම්පික් තීරණය ගැන සඳහනක් නොවිණ.
ඔලිම්පික් ප්‍රඥප්තිය යටතේ සියලුම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජික රටවල් සෑම ක්‍රීඩා උළෙලකටම සහභාගී විය යුතුය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ උතුරු කොරියානු ජාතික ඔලිම්පික් කමිටුව තමන්ගේ වගකීමෙන් නිදහස් වන බවට කිසිදු නිල ප්‍රකාශයක් ලැබී නොමැති බවයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.