Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සභාපති කුසලාන පාපන්දු අවසන් පූර්ව තරග අද

සභාපති කුසලාන පාපන්දු අවසන් පූර්ව තරග අද

නාමල් පතිරගේ - 2020 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුගතදාස පිටියේදී අද (27) පැවැත්වීමට නියමිත ‘වැන්ටේජ්’ සභාපති කුසලාන පාපන්දු තරග අවසන් පූර්ව වටයට කණ්ඩායම් පිවිසීමේදී කැපී පෙනුණ සිදුවීම වන්නේ 2019 වසරේ ශූරයන්ගේ තරගාවලිය ජය ගත් ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා) කණ්ඩායමට මෙන්ම එම වසරේදී එෆ්. ඒ. කුසලාන දිනාගත් පොලිස් කණ්ඩායමටද ඒ සඳහා සුදුසුකම් ලබාගැනීමට අපොහොසත්වීමයි.

අවසන් පූර්ව වටයට කලින් සුදුසුකම් ලබා සිටි කොළඹ නිව් ස්ටාර් කණ්ඩායම ව්‍යාජ තරග හැඳුනුම්පත්වලින් තරග වැදීමේ පැමිණිල්ලක් මත ඔවුන් අවසන් පූර්ව වටයෙන් ඉවත් කර එම ස්ථානය බ්ලූ ඊගල් (ගුවන් හමුදාව) කණ්ඩායමට ලබාදීමට පාපන්දු සම්මේලනය ඊයේ (26) තීරණය කළේය.  ජාවාලේන්, බ්ලූ ඊගල් (ගුවන් හමුදාව), බේරුවල රෙඩ් ස්ටාර් හා කොළඹ ක්‍රී.ස. සහ කණ්ඩායම් ඒ අනුව අද පැවැත්වෙන සභාපති කුසලාන  අවසන් පූර්ව තරග වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්ව සිටියි.

සුගතදාස පිටියේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී ජාවාලේන් කණ්ඩායම විසින් ප්‍රබල ඩිෆෙන්ඩර්ස්  (යුද හමුදා කණ්ඩායම පරාජය කළේ දඬුවම් පහර 3-1 කටය).

කොළඹ නිව් ස්ටාර් ක්‍රීඩකයෝ දේශීය පාපන්දු පිටියේ තවත් ප්‍රබලතම කණ්ඩායමක් වන බ්ලු ඊගල්ස් (ගුවන් හමුදා) කණ්ඩායමට ‘තරු’ පෙන්වමින් දෙවැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ජය ගත්තේ ගෝල 2-1කටය. එහෙත් ව්‍යාජ තරග හැඳුනුම්පත්වලින් තරග වැදීමේ පැමිණිල්ලක් මත ඔවුන් අවසන් පූර්ව වටයෙන් ඉවත් කරන ලදි.

එෆ්. ඒ. කුසලාන ශූරයන් වන පොලිස් ක්‍රීඩා සමාජයට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ ශූරයන්ගේ තරගාවලියේ අනුශූරයන් වන කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම එල්ල කළ ගෝල 3-1ක් වන ප්‍රහාරයකිනි.

තරගාවලිය පුරා මෙතෙක් සුවිශේෂී දස්කම් දැක්වූ බේරුවල ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයක් වන රෙඩ් ස්ටාර්  ක්‍රීඩකයෝ සිව් වැනි අර්ධ අවසන් පූර්ව තරගයේ තමන්ට මුණගැසුණු මාවනැල්ල ‘සෙරන්ඩිබ්’ කණ්ඩායමට එරෙහිව ගෝල 5-3 ක් තරම් වන පහසු ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව කණ්ඩායමට පිවිසීමට සමත්වීම කැපී පෙනේ.

ඒ අනුව ශූරයන්ගේ තරගාවලියේ (2019) නොවන ක්‍රීඩා සමාජ දෙකක් වන කොළඹ නිව් ස්ටාර් හා බේරුවල රෙඩ් ස්ටාර් ප්‍රබල කණ්ඩායම් රැසක් අභිබවමින් සභාපති කුසලාන අවසන් පූර්ව වටයට  ප්‍රවේශවී සිටියි.

ජාතික පාපන්දු සංචිතයට දක්ෂතා හෙබි නවක ක්‍රීඩකයන් හඳුනාගැනීමේ මූලික අරමුණෙන් සංවිධානය කෙරෙන සභාපති කුසලාන පාපන්දු තරගාවලිය දින 21කදී පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගෙන තිබෙන තීරණය හමුවේ එහි අවසන් මහ තරගය සුගතදා ක්‍රීඩාංගනයේදී ලබන සඳුදා (31) පැවැත්වීමට නියමිතව ඇත්තේ රාත්‍රී 7ටය. ‍


අවසන් පූර්ව වටය සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආකාරය:
පස්වරු 4.15 ට - පළමු අවසන් පූර්ව තරගය ජාවාලේන් පිල සහ බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදාව) පිල අතර.
රාත්‍රී 7.15ට  - දෙවැනි අවසන් පූර්ව තරගය කොළඹ ක්‍රි.ස. සහ බේරුවල රෙඩ් ස්ටාර් පිල අතර.

 


අදහස් (0)

සභාපති කුසලාන පාපන්දු අවසන් පූර්ව තරග අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.