Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංචිතය 16 ට අඩු කරනවා

සංචිතය 16 ට අඩු කරනවා

යොහාන් භාසුර - 2021 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව ලබන 22 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩක සංඛ්‍යාව 16 ක් දක්වා අඩු කරන ලෙස උපදෙස් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. ගාල්ලේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක සුරංග ලක්මාල් ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනකු ‘කාඩ්’ සෙල්ලම් කළ ආකාරය රූපවාහිනියේ ප්‍රදර්ශනය වීමත් සමඟ මෙම තීරණය ගත්බව එම නිලධාරියා කීය.

“එම ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න බැරි නම් සංචිතයේ රැදී සිටීමෙන් පළක් නෑනේ. ඒ නිසා දෙවැනි ටෙස්ට් තරගයේ සංචිතයෙන් ඔවුන් ඉවත් කරන්න කියලා අපි කිව්වා”

“විවේක ගන්න කවුරුත් සංචිතයේ ඉන්න ඕන නෑ. ඔවුන්ට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ හැකියයි” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භයේ සිටම ආබාධයන්ට ගොදුරුව සිටින වේග පන්දු යවන සුරංග ලක්මාල් සහ පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයන් කීපදෙනකු මේ දක්වා සංචිතයේ රැදී සිටිති.  

 


අදහස් (0)

සංචිතය 16 ට අඩු කරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.