Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝශප් 38-5 කින් ජයගනී

ශාන්ත ජෝශප් 38-5 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් නිත්තවෙල රග්බි පිටියේදී අද (08) පස්වරුවේ පැවැති තරගයේදී මරදාන ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 38-5 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් වූහ.

මෙය ශාන්ත ජෝශප් විදුහල පිට පිටම ලැබූ දෙවැනි ජයග්‍රහණය වන අතර මෙහිදී අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගැනීම කැපී පෙනුණි.

ශාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 17-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

ජයග්‍රාහි ශාන්ත ජෝශප් විදුහල් පිල ගෝල පහකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය. ශාන්ත අන්තෝනි විදුහල උත්සාහක දිනුමක් පමණක් සම්පූර්ණ කළේය.

- 048


අදහස් (0)

ශාන්ත ජෝශප් 38-5 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.