Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශෂිකා - රෙබේකා කාන්තා යුගල ශූරතාව දිනති

ශෂිකා - රෙබේකා කාන්තා යුගල ශූරතාව දිනති

ශානුක අරවින්ද - 2020 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන 52 වැනි ජාතික කැරම් ශූරතාවලියේ කාන්තා යුගල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ශෂිකා සඳමාලි සහ රෙබේකා ඩැල්රින් සමත් වූහ. අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජෝශප් රොෂිටා සහ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ තරුෂි හිමහංසිකා පරාජය කරමින් ශෂිකා සහ රෙබේකා එම ශූරතාව දිනාගත්හ.

තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ නිපුනි දිල්රුක්‍ෂි සමත් වූයේ අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ ජෝශප් ඩිලාන් සහ දෙටුනි නොමායා පරාජය කරමිනි.

පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල, මිශ්‍ර යුගල හා ප්‍රවීණ වශයෙන් ඉසව් 6 ක් යටතේ පැවැත්වෙන මෙම ශූරතාවලිය මේ මස 7 වැනිදා ආරම්භ වූ අතර දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික ප්‍රමාණයක් මෙවර ශූරතාවලිය සඳහා සහභාගි වී සිටිති.

පිරිමි කේවල සහ කාන්තා කේවල මූලික තරග මේ මස 14 වැනිදා සිට සති අන්තයේ දිනවල දෙල්කඳ ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වෙන අතර අවසන් තරග  28 වැනිදා පැවැත්වීමට නියමිතය. විදුලිය නොමැති වීමෙන් කල් තබන ලද මෙම ශූරතාවලියේ සියලුම පිරිමි යුගල තරග මේ මස 29 වැනිදා පෙරවරු 9.00 සිට පැවැත්වීමට ශ්‍රී ලංකා කැරම් සම්මේලනය කටයුතු යොදා තිබේ.

තරග ප්‍රතිඵල

කාන්තා යුගල
ශෂිකා සඳමාලි සහ රෙබේකා ඩැල්රින් (ශ්‍රී ලංකා යුද හමුදාව) විසින් වට 2-1 ක් ලෙස ජෝශප් රොෂිටා (ශ්‍රී ලංකා නාවික හමුදාව) සහ තරුෂි හිමහංසිකා (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදහ. (25/15, 16/25, 25/20)

මිශ්‍ර යුගල
නිශාන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදාව) සහ නිපුනි දිල්රුක්‍ෂි (නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය) විසින් වට 2-1 ක් ලෙස ජෝශප් ඩිලාන් සහ දෙටුනි නොමායා (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදහ. (25/0, 12/25, 25/11)

ප්‍රවීණ
ඊ.ඒ.ඩී. ඉන්ද්‍රජිත් (කොටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ක්‍රීඩා සමාජය) විසින් වට 2-1 ක් ලෙස කේ.ජී.එස්.ජේ. ප්‍රසාද් (මහනුවර ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි. (22/25, 25/18, 25/16)

කාන්තා යුගල ශූරතාවය දිනාගත් ශෂිකා සඳමාලී සමග රෙබේකා ඩැල්රින් (මැද) සහ අනු ශූරතාවය හිමිකරගත් ජෝශප් රොෂිටා සමග තරුෂි හිමහංසිකා (දෙපස)

මිශ්‍ර යුගල ශූරතාවය දිනාගත් නිශාන්ත ප්‍රනාන්දු සමග නිපුනි දිල්රුක්‍ෂි (මැද) සහ අනු ශූරතාවය හිමිකරගත් ජෝශප් ඩිලාන් සමග දෙටුනි නොමායා (දෙපස)

ප්‍රවීණ ශූරතාවය දිනාගත් ඊ.ඒ.ඩී. ඉන්ද්‍රජිත්


අදහස් (0)

ශෂිකා - රෙබේකා කාන්තා යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.