Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විස්සයි20 පිලට ලක්‍ෂ 170 ක ත්‍යාගයක්

විස්සයි20 පිලට ලක්‍ෂ 170 ක ත්‍යාගයක්

යොහාන් භාසුර - 2019 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



පාකිස්තානයේදී පැවැති විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී 3-0 ක ඵෙතිහාසික ජයක් ලැබූ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 95,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 170 කට අධික මුදල් ත්‍යාගයක් පිරිනැමෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

මෙම සංචාරයට සහභාගි වූ එක්දින සහ විස්සයි20 කණ්ඩායම් දෙකට තවත් ඩොලර් 50,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 90 කට අධික මුදලක් තරගාවලියට පිටත්ව යන අවස්ථාවේදී ලබාදී තිබුණි.

විස්සයි20 පිලට තරගාවලියේ ජයග්‍රහණය සඳහා අමතර ත්‍යාගයක් ලෙස ඩොලර් 50,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 90 කට අධික මුදලක් සහ ක්‍රීඩක ගිවිසුමට අනුව ජයග්‍රහණයක් වෙනුවෙන් ඩොලර් 15,000 බැගින් ඩොලර් 45,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 80 කට අධික මුදලක් ද හිමිවේ.  


අදහස් (0)

විස්සයි20 පිලට ලක්‍ෂ 170 ක ත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.