Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විබූද - ලූකා - සචිනි - අනීකා කොළඹ ටෙනිස් ශූරතාව සොයති

විබූද - ලූකා - සචිනි - අනීකා කොළඹ ටෙනිස් ශූරතාව සොයති

ශානුක අරවින්ද - 2021 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 105 වැනි කොළඹ ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල සහ විවෘත කාන්තා කේවල අවසන් මහ තරග හෙට (13 වැනිදා) ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පිරිමි අවසන් මහ තරගයේදී විබූද විජේබණ්ඩාරට එරෙහිව ලූකා නීස්ද, කාන්තා අවසන් මහ තරගයේදී සවිනි ජයසූරියට එරෙහිව අනීකා සෙනෙවිරත්නද තරග බිමට පිවිසීමට නියමිතය.

අනීකා සෙනෙවිරත්න අවස්ථා දෙකකදී (2018 සහ 2020) ජාතික ටෙනිස් ශූරිය බවට පත්වූ ක්‍රීඩිකාවකි. ලූකා නීස් මේ වන විට පිට පිටම දෙවරක් (2019 සහ 2020) ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරයා බවට පත්ව සිටින අතර සවිනි ජයසූරියද දෙවරක් (2018 සහ 2020) ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරිය බවට පත්ව සිටින්නීය.

ඊයේ (11 වැනිදා) පැවැති පිරිමි කේවල පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/1, 6/4) දුමින්ද දිලුම් පරාජය කරමින් ලූකා නීස් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. විබූද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/3, 7/5) ටෙහාන් විජේමාන්න පරාජය කරමිනි.

කාන්තා කේවල අවසන් පූර්ව තරගයේදී වට 2-1 ක් ලෙස (6/2, 4/6, 6/1) ඔනෙලි පෙරේරා පරාජය කරමින් අනීකා අවසන් මහ තරගයට පිවිසියාය. සවිනි අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ ඉතා තියුණ තරගයකින් අනතුරුව වට 2-1 ක් ලෙස (7/5, 1/6, 7/6) ජනාලි මනම්පේරි පරාජය කරමිනි.

මේ මස 5 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය ඉරිදා නිමාවට පත්වීමට නියමිතය. ‘විෂන් කෙයාර්’ සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර ‘ෆස්ට් කැපිටල්’ සමාගම එහි සම අනුග්‍රාහකයා ලෙසත්, ‘හෙඩ්’ සමාගම නිල පන්දු සැපයුම්කරුවා ලෙසත් කටයුතු කරයි.

 


අදහස් (0)

විබූද - ලූකා - සචිනි - අනීකා කොළඹ ටෙනිස් ශූරතාව සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.