Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විනිශ්චය සභා 3 ක් ක්‍රීඩා පනතට

විනිශ්චය සභා 3 ක් ක්‍රීඩා පනතට

යොහාන් භාසුර - 2020 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ අනාගත දියුණුව සඳහා ජාතික ක්‍රීඩා පනතට සංශෝධනයක් ගෙන එමින් ජාතික පුහුණුකරුවන්ගේ සභාවක්, ජාතික තාක්‍ෂණ නිලධාරීන්ගේ සභාවක් සහ ක්‍රීඩා විනිශ්චය සභාවක් පිහිටුවීමට ක්‍රීඩා අමාත්‍යංශය මේ වන විටත් කෙටුම්පත් සකස් කර තිබේ.

ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශවයන් කාලයක සිට කරන ඉල්ලීමකට අවධානය යොමු කරමින් ක්‍රීඩා අමාත්‍යංශය මෙම පියවර ගෙන තිබේ.

ක්‍රීඩා පනතේ නව සංශෝධනය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ මෙම සංශෝධන ඇතුළත් විශේෂ පනත පාර්ලිමේන්තුව රැස්වූ වාහාම ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇති බවයි.

“අපේ ක්‍රීඩාවේ දියුණුවට පාර්ශව රැසකින් මෙම සභා තුනේ අඩු පාඩුව කාලය සිට පෙන්වා දී තිබුණා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා අපි මෙය සකස් කළා”

“විශේෂයෙන්ම ක්‍රීඩා සංගම්වල, ක්‍රීඩා නිලධාරීන් අතර මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ගැටලු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් විසඳීමට ගියාම අනෙක් වැඩ කරන්න තියෙන කාලය නාස්ති වෙනවා. ඒ නිසා ඉදිරියේදී ක්‍රීඩා විනිශ්චය සභාවට මෙවැනි ප්‍රශ්න යොමු කිරීමේ හැකියාව ලැබෙනවා” යැයි රුවන්චන්ද්‍ර මහතා වැඩි දුරටත් පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩාවේ විෂමාචාර වැලැක්වීමේ විශේෂ සංශෝධන පනතක් පසුගිය වසරේ නොවැම්බර් මස ද පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තේය.


අදහස් (0)

විනිශ්චය සභා 3 ක් ක්‍රීඩා පනතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.