Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාගම පිලට කඩුලු 8 ක ජයක්

රාගම පිලට කඩුලු 8 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති තරගයකදී සෙබස්තිනයිට්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට රාගම පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් සෙබස්තිනයිට්ස් පිලට ඕවර 16 කදී සියලු දෙනා දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 69 ක් පමණි. ජයග්‍රහණය සඳහා ලකුණු 70 ක ඉලක්කයක් හඹාගිය රාගම පිල කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් සපුරාලීමට සමත් විය.

අද පැවැති තවත් තරග 7 කදී මීගමුව, ගුවන් හමුදාව, මූවර්ස්, සැරසන්ස්, එන්.සී.සී., හලාවත මේරියන්ස් සහ මහනුවර කස්ටම්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළේය.

හර්ෂ කුරේ (ලන්කන්), චරිත කුමාරසිංහ සහ හෂාන් දුමිඳු (සැරසන්ස්), ළහිරු උදාර (එන්.සී.සී.) සහ ගේෂාන් විමලධර්ම (කළුතර නාගරික) අර්ධ ශතක ලබාගනිමින් අද දිනයේදී පිත්තෙන් දස්කම් දැක්වූහ.

මීගමුව පිලේ රොස්කෝ තටිල් ලකුණු 23 කට කඩුලු 5 ක්ද, මහනුවර කස්ටම්ස් පිලේ ඉසිත විජේසුන්දර ලකුණු 15 කට කඩුලු 4 ක්ද දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.


සෙබස්තිනයිට්ස්  - ඕවර 16 කදී සියලුදෙනා දැවී 69
(මනෙල්ක ද සිල්වා 15, බිනුර ප්‍රනාන්දු 8/3, ඉෂාන් ජයරත්න 8/2, අමිල අපෝන්සු 10/2)

රාගම  - ඕවර 9.5 කදී කඩුලු 2 ක් දැවී 70
(දිනෙත් තිමෝධ්‍ය නොදැවී 29, ජනිත් ලියනගේ නොදැවී 23)


මීගමුව පිලට ලකුණු 47 ක ජයක්
බී.ආර්.සී සහ මීගමුව කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
මීගමුව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 172
(ඩිල්ෂාන් මුණවීර 39, අෂේන් සිල්වා 40, මාධව වර්ණපුර 42, චමීර දිසානායක 27/2, දුවිඳු තිලකරත්න 27/2)
බී.ආර්.සී - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 125
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ 26, ළහිරු සමරකෝන් 24, රොස්කෝ තටිල් 23/5, රොෂේන් ප්‍රනාන්දු 13/2, මාධව වර්ණපුර 20/2)

 

ගුවන් හමුදා පිලට කඩුලු 6 ක ජයක්
ගුවන් හමුදාව සහ ලන්කන් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ලන්කන් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 137
(ප්‍රිමෝෂ් පෙරේරා 24, හර්ෂ කුරේ 59, සාලිය සමන් 28, ලසඳ රුක්මාල් 34/3)
ගුවන් හමුදාව - ඕවර 17.1 කදී කඩුලු 4 ක් දැවී 138
(සමීර ද සොයිසා 30, මාධව නිමේෂ් 37, ගීත් කුමාර 22/2)

 

මූවර්ස් පිලට කඩුලු 6 ක ජයක්
පොලිස් සහ මූවර්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
පොලිස්  - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 98
(දුලාෂ් උදයංග 21, අසෙල් සිගේරා නොදැවී 21, ජීවන් මෙන්ඩිස් 13/3, දිලේෂ් ගුණරත්න 15/2, අදීෂ තිලංචන 17/2)
මූවර්ස්  - ඕවර 14.3 කදී කඩුලු 4 ක් දැවී 99
(පබසර වඩුගේ 21, මොහොමඩ් ශමාස් නොදැවී 26, ජීවන් මෙන්ඩිස් නොදැවී 23)

 

සැරසන්ස් පිලට කඩුලු 8 ක ජයක්
පානදුර සහ සැරසන්ස් කණ්ඩායම් අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී
පානදුර  - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී 115
(අරුණ ධර්මසේන 29, සනෝජ් දර්ෂික 20, චමින්ද බණ්ඩාර 22/3, ප්‍රමෝද් මධුවන්ත 15/2)
සැරසන්ස්  - ඕවර 19.4 කදී කඩුලු 2 ක් දැවී 119
(චරිත කුමාරසිංහ නොදැවී 61, හෂාන් දුමිඳු 52)

 

එන්.සී.සී පිලට කඩුලු 8 ක ජයක්
ඒස් කැපිටල් සහ එන්.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ඒස් කැපිටල් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 115
(යොහාන් ද සිල්වා 33, ඉරෝෂ් සමරසූරිය 20, චතුරංග ද සිල්වා 16/2, චාමික කරුණාරත්න 23/2)
එන්.සී.සී - ඕවර 15.1 කදී කඩුලු 2 ක් දැවී 119
(ළහිරු උදාර නොදැවී 65, ඇන්ජලෝ පෙරේරා 27, කමිල් මිෂාර නොදැවී 22

 

හලාවත මේරියන්ස් පිලට කඩුලු 3 ක ජයක්
කළුතර නාගරික සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 111
(ගේෂාන් විමලධර්ම 53, පුලින තරංග 13/2, තික්‍ෂිල ද සිල්වා 26/2)
හලාවත මේරියන්ස් - ඕවර 16.1 කදී කඩුලු 7 ක් දැවී 112
(ලසිත් කෲස්පුල්ලේ 33, තික්‍ෂිල ද සිල්වා 38, ඉන්සක සිරිවර්ධන 08/2, දෙනුවන් රාජකරුණා 24/2, මිතුන් ජයවික්‍රම 25/2)

 

කස්ටම්ස් පිලට ලකුණු 4 ක ජයක්
බදුරලිය සහ මහනුවර කස්ටම්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
කස්ටම්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 158
(අකීල් ඉන්හාම් 38, රිෂී භාඩ්වාජ් 27, සම්පත් පෙරේරා 33, නිමන්ද මධුසංක 29/2)
බදුරලිය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 154
(සඳුන් වීරක්කොඩි 21, තිලකරත්න සම්පත් 43, ගමිඳු කනිෂ්ක 21, ගිහාන් රත්නායක 22, නිමන්ද මධුසංක 23, ඉසිත විජේසුන්දර 15/4, සචිත්‍ර පෙරේරා 23/2)

 


අදහස් (0)

රාගම පිලට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.