Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේ සති අන්තයේදී තවත් තරග 8 ක්

මේ සති අන්තයේදී තවත් තරග 8 ක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 8 ක් මේ සති අන්තයේදී පැවැත්වීමට නියමිතය. ඉන් තරග 4 ක් සෙනසුරාදා (19 වැනිදා) ද, සෙසු තරග 4 ඉරිදා (20 වැනිදා) ද පැවැත්වේ.

මේ දක්වා සිය අපරාජිකත්වය රැකගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැදී සිටින බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 20 වැනිදා මාතර පාපන්දු ක්‍රීඩාංගණයේදී මාතර සිටි ක්‍රීඩා සාමාජයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

ඉරිදා පැවැත්වෙන සෙසු තරගවලදී සොලිඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජයද, කොළඹ පාපන්දු සමාජයට එරෙහිව සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයද, රිනවුන් ක්‍රීඩා සාමජයට එරෙහිව රත්නම් ක්‍රීඩා සමාජයද තරග වැදීමට නියමිතය.

නිගම්බු යූත් පාපන්දු සමාජය සහ ගුවන් හමුදාව අතර තරගයත්, ජාවා ලේන් ක්‍රීඩා සමාජය සහ පෙලිකන්ස් ක්‍රීඩා සමාජය අතර තරගයත් සෙනසුරාදා පැවැත්වේ. සුපර් සන් ක්‍රීඩා සමාජය සහ ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය අතර තරගය මෙන්ම නිව් යංග්ස් පාපන්දු සමාජය සහ රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය අතර තරගයද එදිනම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  


-036

 


අදහස් (0)

මේ සති අන්තයේදී තවත් තරග 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.