Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බී.ආර්.සී පිලට ලකුණු 253 ක ඉලක්කයක්

බී.ආර්.සී පිලට ලකුණු 253 ක ඉලක්කයක්

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ තෙවැනි සතියටත් තරග පැවැත්වෙන අතර එහිදී ජයග්‍රහණය සඳහා බී.ආර්.සී පිලට ලකුණු 253 ක ඉලක්කයක් හිමිවිය.

බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී දෙවැනි දිනටත් අද (15 වැනිදා) පැවැති තරගය අවසන් කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බී.ආර්.සී පිල කිසිවකු නොදැවී ලකුණු 2 ක් ලබා සිටියේය. 

පළමු දිනට ඊයේ තරගය අවසන් කරනවිට ලකුණු 23 කට කඩුල්ලක් අහිමිකර ගනිමින් සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බී.ආර්.සී පිලට අද දිනයේදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 238 ක් පමණි. එහිදී රමින්ද විජේසූරිය (61) සහ කෙවින් කොත්තිගොඩ (60) අර්ධ ශතක ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සචිත්‍ර සේරසිංහ කඩුලු 5 ක් ද අදීෂ තිලංචන සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 115 ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් මූවර්ස් පිලට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 137 ක් පමණි. පළමු ඉනිමේදීද අර්ධ ශතකයක් ලබාගත් පබසර වඩුගේ දෙවැනි ඉනිමේදීද අර්ධ ශතකයක් (74) ලබාගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට අවස්ථාවක් බි.ආර්.සී පන්දු යවන්නන්ගෙන් හිමිනොවූහ.

තරිඳු කෞෂාල් කඩුලු 4 ක්, දුවිඳු තිලකරත්න කඩුලු 3 ක් සහ සවින් ගුණසේකර කඩුලු 2 ක් දවාගනිමින් මූවර්ස් පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.

තවත් තරග 4 ක් දෙවැනි දිනටත් අද පැවැති අතර එහිදී මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරිය (120) සහ මීගමුව පිලේ සාද් නසීම් (139) ශතක ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

එන්.සී.සී පිලේ දිලේෂ් ගුණරත්න, එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මූවර්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 353
(පබසර වඩුගේ 76, සචිත්‍ර සේරසිංහ 94, අදීෂ තිලංචන 64, ප්‍රවීන් ජයවික්‍රම නොදැවී 30, චතුර රංදුනු නොදැවී 20, දුවිඳු තිලකරත්න 103/3, කෙවින් කොත්තිගොඩ 34/2, තරිඳු කෞෂාල් 58/2, සොහබුල්ලා 66/2)

බී.ආර්.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 238
(දේශාන් ඩයස් 31, ශානුක දුලාජ් 38, රමින්ද විජේසූරිය 61, කෙවින් කොත්තිගොඩ 60, සචිත්‍ර සේරසිංහ 80/5, අදීෂ තිලංචන 24/2, රමේෂ් මෙන්ඩිස් 58/2)

මූවර්ස් දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 137
(පබසර වඩුගේ 74, රමේෂ් මෙන්ඩිස් 36, තරිඳු කෞෂාල් 30/4, දුවිඳු තිලකරත්න 60/3, සවින් ගුණසේකර 06/2)
බී.ආර්.සී දෙවැනි ඉනිම -  කිසිවකු නොදැවී 2

පළමු ඉනිමේ වාසිය සැරසන්ස් පිලට

රාගම සහ සැරසන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

රාගම පළමු ඉනිම -  සියලුදෙනා දැවී 119
(ළහිරු තිරිමාන්න 28, කසුන් රාජිත 31/8)

සැරසන්ස් පළමු ඉනිම -  කඩුලු 5 ක් දැවී 321
(සිතාර ගිම්හාන් 74, නවිඳු නිර්මාල් 83, චාමිකර එදිරිසිංහ 55, ගමිඳු අමරසිංහ 45, මිලින්ද සිරිවර්ධන නොදැවී 22, අමිල අපෝන්සු 36/2, කල්හාර සේනාරත්න 106/2)


ජයසූරියගෙන් ශතකයක්

හලාවත මේරියන්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 312
(චතුරංග ද සිල්වා 47, සහන් ආරච්චිගේ 128, චාමික ගුණසේකර 50, අසිත ප්‍රනාන්දු 46/5, නිමසර අතරගල්ල 58/2, ශෙහාන් ජයසූරිය 90/2)

මේරියන්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 304
(ලසිත් කෲස්පුලේ 36, සනෝජ් දර්ෂික 38, ශෙහාන් ජයසූරිය 120, පුලින තරංග 56, දිලේෂ් ගුණරත්න 52/5, චතුරංග ද සිල්වා 105/3)

එන්.සී.සී දෙවැනි ඉනිම -  කිසිවකු නොදැවී 16

එස්.එස්.සී ලකුණු 232 ක් ඉදිරියෙන්

කෝල්ට්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 301
(සඳුන් වීරක්කොඩි 55, චරිත් අසලංක 32, කවිඳු කුලසේකර 36, ක්‍රිෂාන් සංජුල 54, සම්මු අෂාන් 41, සචිත්‍ර සේනානායක 39, ප්‍රභාත් ජයසූරිය 89/5, ධනංජය ලක්ෂාන් 49/2)

කෝල්ට්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 183
(හේෂාන් ධනුෂ්ක 66, ප්‍රියමාල් පෙරේරා 25, ධනංජ
ය ලක්ෂාන් 26, සචිත්‍ර සේනානායක 52/5, ආකාෂ් සේනාරත්න 24/3)

එස්.එස්.සී දෙවැනි ඉනිම -  කඩුලු 5 ක් දැවී 114
(නුවනිඳු ප්‍රනාන්දු 21, සචිත්‍ර සේනානායක 33, ඩිල්රුවන් පෙරේරා 27/3, ප්‍රභාත් ජයසූරිය 46/2)

යුදහමුදාව ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

යුදහමුදා සහ මීගමුව කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

යුදහමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 155
(හිමාෂ ලියනගේ 56, උපුල් ඉන්ද්‍රසිරි 73/3, සාද් නසීම් 04/2, ඩිල්ෂාන් මුණවීර 29/2)

මීගමුව පළමු ඉනිම -  කඩුලු 9 ක් දැවී 484
(ඩිල්ෂාන් මුණවීර 40, අෂේන් සිල්වා 67, ඇන්ජලෝ ජයසිංහ 87, සාද් නසීම් 139, රොස්කෝ තටිල් 32, උපුල් ඉන්ද්‍රසිරි 63, මල්ක මදුශංක 126/3, දුෂාන් විමුක්ති 146/2, සීකුගේ ප්‍රසන්න 146/2)

යුදහමුදා දෙවැනි ඉනිම -  කිසිවකු නොදැවී 74
(ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 29, පැතුම් දිල්ෂාන් නොදැවී 45)


අදහස් (0)

බී.ආර්.සී පිලට ලකුණු 253 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.