Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පිට පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් සංවර්ධනය කරයි

පිට පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් සංවර්ධනය කරයි

රොෂාන් ගුණරත්න - 2020 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පළාත් වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමේ සියළුම පහසුකම්වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශයේ සහ ජාතික ව්‍යාපෘති කමිටුවේ ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ඒ සඳහා විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇත.

බදුල්ල නගර සභා ක්‍රීඩාංගණය, යාපනය මල්ලාකම් ක්‍රීඩාංගණය, පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණය, අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය සහ හෙට්ටිපොළ සහ රත්නපුර (මොනරවිල) යන ප්‍රදේශයන්හී ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමට නියමිතව ඇත.

කොළඹින් බැහැර ප්‍රදේශයන්හී ලණු පැදුරු භාවිතයෙන් පමණක් දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩකයන්ට තණතීරුවල ක්‍රීඩා කිරීමේ අත්දැකීම් ලබා දෙමින් ජාතික සහ ජාත්‍යන්තර තලයට යෑමට අවශ්‍ය ඉඩ කඩ සැලසීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය බවට පත්ව ඇත.

එම ක්‍රීඩාංගණ අතුරින් අම්බලන්ගොඩ, පොලොන්නරුව සහ හෙට්ටිපොළ ක්‍රීඩාංගණ ඉදිරි තෙමස ඇතුළත සංවර්ධනය කර අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර සෙසු ක්‍රීඩාංගණ ඉදිරි තෙවසරක කාලය ඇතුළත නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. රත්නපුර, පොලොන්නරුව සහ යාපනය ප්‍රදේශයන්හි ඉදිවන ක්‍රීඩාංගණවල තණතීරු 10 ක් සකස් කළ හැකි පරිදි ක්‍රීඩාංගණ සංවර්ධනය කෙරේ.

ඊට අමතරව පුහුණුවීම් සඳහා පැති තණතීරුද සැදීමට නිමිතව ඇත. මෙම ක්‍රීඩාංගණවල අලුතින් තණකොළ සිටුවීම ඇතුළු සංවර්ධන කටයුතු සියල්ලම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරනු ලබනු ඇත.


අදහස් (0)

පිට පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් සංවර්ධනය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.