Last Update  :  2024-04-26 18:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපැදි විනිසුරු මුල් පුටුව උපුල්ට

පාපැදි විනිසුරු මුල් පුටුව උපුල්ට

editorial - 2020 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රවීණතම පාපැදි විනිසුරුවරයකු වන උපුල් චන්දන ප්‍රියනාත් මහතා පත්විය. ඒ කුරුණෑගලදී නිමාවට පත් වූ එම සංගමයේ නිලවරණයෙනි.

 හිටපු සභාපති සුමිත් බාලසූරිය මහතා මෙවර ධුරයට ඉදිරිපත් නොවූ අතර ඔහු විධායක කමිටුවේ සභිකයකු ලෙස පත්විය. නව සභාපති උපුල් චන්දන ප්‍රියනාත් මහතා සංගමයේ හිටපු ලේකම්වරයා වන අතර පාපැදි සම්මේලනය මෙහෙයවන වාර්ෂික ප්‍රධානතම පාපැදි තරග බහුතරයක ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ ක්ෂේත්‍රයේ අත්දැකීම් පිරිපුන් ජාතික විනිසුරුවෙකි.

 මේ අතර ඔහු සිය පත්වීමෙන් පසුව පැවැසුවේ පාපැදි විනිසුරුවන්ගේ සංගමය නමින් තවත් පාපැදි විනිසුරුවන්ගේ සංගමයක් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පිහිටුවීම පිළිබඳව මුල් පියවර ලෙස තමන් ක්‍රීඩා ඇමැතිවරයාට පැමිණිලි කර සිටින බවයි.

 ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පිළිගත් නීත්‍යානුකූල එකම පාපැදි විනිසුරු සංගමය ලෙස සිය සංගමය තවදුරටත් දේශීය පාපැදි තරගමාලා සඳහා විනිසුරුවන් හා තීරකවරුන්ගේ සේවය ලබා දෙන බව ඔහු මහ සභාව අමතමින් පැවැසීය. අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහ සභාව පැවැත්විණි.


 ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ නිතරගයෙන් පත් වූ (2020-21) නව නිලධාරි මණ්ඩලය.
• සභාපති:- උපුල් චන්දන ප්‍රියනාත් මහතා
• ලේකම්:- සරත් චන්ද්‍රරත්න මහතා
•භාණ්ඩාගාරික:- භද්‍රා පුෂ්පරංජනී මහත්මිය.
• උප සභාපතිවරු:- මහේෂ් උපාලි ධර්මසේන, ලෙස්ලි රූපසිංහ, ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු.
• ක්‍රියාකාරී කමිටුව:- රංගන සුදේෂ්ප්‍රිය, ජී.එස්. අරුණසිංහ, නලින් සිරිවර්ධන, ප්‍රියන්ත විජේසුන්දර, සුමිත් බාලසූරිය යන මහත්වරු.

- 223


අදහස් (0)

පාපැදි විනිසුරු මුල් පුටුව උපුල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.