Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වූ ජී. ඒ. කේ. අබේසේකර මහතා අභාවප්‍රාප්ත විය. පාපන්දු පිටියේත්, පරිපාලන නිලධාරීන් අතරේත් “අබේ“ ලෙස හඳුන්වනු ලැබූ අබේසේකර මහතා අත්දැකීම් බහුල පාපන්දු පරිපාලකයෙකු වූ අතර පාපන්දු ක්ෂේත්‍රෙය් වසර 50 කට වැඩි කාලයක් විවිධ තනතුරු දැරීය.
ගෝල් රකින්නෙකු ලෙස සැලකිය යුතු කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ අබේ පසුව රැකියාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳුණි. පසුව ඔහු පාපන්දු පරිපාලනයට අවතීර්ණ වූ අතර බන්ධනාගාර පාපන්දු කණ්ඩායමට නායකත්වය දුන්නේය.
කොළඹ පාපන්දු ලීගය ජනප්‍රිය කරවීමට මහත් වෙහෙසක් ගත් අබේසේකර මහතා නවක පාපන්දු ක්‍රීඩකයන් කෙරේ දැඩි උනන්දුවක් දැක්වූයේය. ඒ සඳහා ඔහු බොහෝ තරගාවලි හඳුන්වා දුන්නේය. සිය ජීවිතයේ වැඩි කාලයක් පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් අවංකව කැප කළ අබේසේකර බොහෝ දෙනෙකුට පාපන්දු ක්‍රීඩාවේ ගුරුවරයෙකුද විය.
ඔහුගේ දේහය අද (ජුනි 6) පෙ.ව. 8.00 ට ජයරත්න මල් ශාලාවට ගෙනෙන අතර ආදාහන කටයුතු අද සවස 5.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.