Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිවුන් ක්‍රිකට් කණ්ඩායම ඉරිදා පිහිටුවයි

නිවුන් ක්‍රිකට් කණ්ඩායම ඉරිදා පිහිටුවයි

editorial - 2021 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නිවුන් සහෝදරයන් වෙනුවෙන් ක්‍රිකට් කණ්ඩායමක් බිහිකෙරේ. මෙම කණ්ඩායම පිහිටුවීමේ උත්සවය ලබන ඉරිදා (21 වැනිදා) පස්වරුවේදී වාද්දුව ෆිෂර්මන් විලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා නිවුන් ක්‍රිකට් කණ්ඩායමේ සභාපතිනි මෙන්ම නිර්මාතෘ උපුලි ගමගේ මහත්මිය මෙය ආරම්භ කර ඇත්තේ 2020 පෙබරවාරි 16 වැනිදාය. එතැන් සිට වසරකට වැඩි කාලයක් මුලුල්ලේ, මහත් පරිශ්‍රමයක් දරමින්, කොළඹ සී.සී.සී. පිටියේදී නිවුන් ක්‍රිකට් කණ්ඩායම පුහුණුකරවා තිබේ.

උපුලි ගමගේ මහත්මියගේ අරමුණ වන්නේ ලෝකය පුරා නිවුන් ක්‍රිකට් කණ්ඩායම් ඇතිකරමින් අන්තර්ජාතික තරගාවලියක ශූරතාව ශ්‍රී ලංකාවට දිනා දීමයි.

 

 


අදහස් (0)

නිවුන් ක්‍රිකට් කණ්ඩායම ඉරිදා පිහිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.