Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නඩාල්ගේ අතේ ආබාධයක්

නඩාල්ගේ අතේ ආබාධයක්

editorial - 2019 සැප් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අතේ ඇතිවූ අබාධයක් හේතුවෙන් අමෙරිකානු විවෘත තරගාවලියේ ශූරය වූ රෆායල් නඩාල්ට ලාවර් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ. සිය අත ඉදිමී ඇති බැවින් තරගාවලියෙන් ඉවත්වන බව නඩාල් දැඩි කණගාටුවෙන් යුතුව පවසා තිබේ.

කේවල තරගයේදී ලෝක කණ්ඩායමේ ඒස් නික් කිර්ජියෝස්ට එරෙහිව යුරෝපය වෙනුවෙන් ඩොමිනික් තීම් තරග වදින අතර ස්ටෙෆනොස් සිට්සිපාස් යුගල තරගයේදී ස්විට්සර්ලන්ත ක්‍රීඩක රොජර් ෆෙඩරර් සමග ක්‍රීඩා කරනු ඇත.

“ලාවර් කුසලාන තරගාවලියේදී මට ක්‍රීඩා කිරීමට පුදුමාකාර කාලයක් ගතවී ඇති අතර අද මට ක්‍රීඩා කිරීමට නොහැකිවීම නිසා මම අතිශයින් කලකිරීමට පත්වෙලා ඉන්නේ..... නමුත් මගේ අතේ ඉදිමුම සහිත දැවිල්ලක් හටගෙන තියෙනවා. ඒ නිසා මට විවේක ගැනීමට අවශ්‍යයි” යැයි නඩාල් වැඩිදුරටත් පැවසීය.

“ජිනීවාහී වායුගෝලය විශ්මය ජනකයි. මම මගේ කණ්ඩායමේ සියලුදෙනා වෙනුවෙන් මෙහි සිටිමින් ඔවුන්ට සහයෝගය දැක්වීමටත් යුරෝපයට ලාවර් කුසලාන දිනා ගැනීමටත් මට හැකි සෑම දෙයක්ම කරනවා” යැයි පැවසු නඩාල් සිය කණ්ඩායම සමඟ රැදී සිටීමට පොරොන්දු විය.

අද තරගාවලියේ අවසන් දිනයයි.

2018 චිකාගෝහිදී පැවැති ලාවර් කුසලාන තරගාවලියේදී 13-8 ක් ලෙස ශුරතාව දිනා ගැනීමට යුරෝපය සමත්විය.

...


අදහස් (0)

නඩාල්ගේ අතේ ආබාධයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.