Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිල්මින්ගේ පන්දු යැවීම තෝමසුවන්ට ජය ගෙනෙයි

දිල්මින්ගේ පන්දු යැවීම තෝමසුවන්ට ජය ගෙනෙයි

editorial - 2019 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පන්නිපිටිය ධර්මපාල විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 55 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ දිල්මින් රත්නායක ලකුණු 62 කඩු කඩුලු 10 ක් බිඳහෙළමින් සාන්ත තෝමස් විදුහලේ ජයග්‍රහණය තහරවුරු කළේය.

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 74.1 කදී සියලු දෙනා දැවී 239
(කිෂාන් මුණසිංහ 47, ගවින් බොතේජු 42, ශමිල්ක වික්‍රමතිලක 41, ඩියොන් ප්‍රනාන්දු 30, මනීෂ රූපසිංහ 23, ලක්ෂිත පුරසිංහ 60/4, සංචන ලංකා 44/3)

ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලු දෙනා දැවී 109
(නදීෂ් බණ්ඩාර 30, දිල්මින් රත්නායක 33/6)

ධර්මපාල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26.4 කදී සියලු දෙනා දැවී 75
(රන්දීව් ගුණසේකර 17/5, දිල්මින් රත්නායක 29/4)

-036


අදහස් (0)

දිල්මින්ගේ පන්දු යැවීම තෝමසුවන්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.