Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දක්ෂතම ක්‍රීඩකයා ධනුක් - ක්‍රීඩිකාව සිඳුමි

දක්ෂතම ක්‍රීඩකයා ධනුක් - ක්‍රීඩිකාව සිඳුමි

ශානුක අරවින්ද - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා ආධුනික සහ අතරමැදි මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විදුහලේ ධනුක් ළමාසූරියත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ සිඳුමි දහම්සාත් සම්මාන දිනාගත්හ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ චමිඳු ජයසූරිය පරාජය කරමින් ආධුනික පිරිමි ශූරතාව දිනාගත් ධනුක්, ලොයෙලා ජාත්‍යන්තර පාසලේ සිතුම් නිරංග හමුවේ පරාජය වෙමින් අතරමැදි පිරිමි අනු ශූරතාවද හිමිකර ගත්තේය. විවෘත ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමටද ධනුක් සමත් විය.

ගම්පහ සිරිකුරුස විදුහලේ ඉයුනි වික්‍රමසිංහ පරාජය කරමින් වයස 12 න් පහළ ශූරතාව දිනාගත් සිඳුමි, ආධුනික කාන්තා ශූරතාව දිනාගත්තේ මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ සෙනුරි අප්සරා පරාජය කරමිනි.

ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ කාන්තා කමිටුව ලෝක කාන්ත දිනය වෙනුවෙන් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ.


තරග ප්‍රතිඵල (බාලක)
වයස 8 න් පහළ කේවල
සිහත් විජේසිංහ (කොළඹ රාජකීය විදුහල) විසින් මොනිෂ් රන්දුල (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි.

වයස 10 න් පහළ කේවල
සනුක සෝමතිලක (මහනුවර ධර්මරාජ විද්‍යාලය) විසින් චිතිල වන්නිආරච්චි (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි.

වයස 12 න් පහළ කේවල
ඉසාන් ෆලීල් (කොළඹ වෙස්ලි විදුහල) විසින් අගස්තිය ආනන්දිත (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය) පරාජය කරන ලදි.

වයස 15 න් පහළ කේවල
සඳරු අබේසිංහ (මහනුවර ධර්මරාජ විදුහල) විසින් අරිත බණ්ඩාර (මහනුවර රණබිම රාජකීය මැදි විදුහල) පරාජය කරන ලදි.

වයස 18 න් පහළ කේවල
හර්ෂ කාශ්‍යප (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් සඳරු අබේසිංහ (මහනුවර ධර්මරාජ විදුහල) පරාජය කරන ලදි.


තරග ප්‍රතිඵල (බාලිකා)
වයස 8 න් පහළ කේවල  
ඉසුනි උහාදි (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) විසින් රනුමි පටබැඳිගේ (මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල) පරාජය කරන ලදි.

වයස 10 න් පහළ කේවල  
මෙනුජි වීරසිංහ (කිරිබත්ගොඩ විහාරමහදේවී බාලිකා විදුහල) විසින් ශයිනි ආනෝල්ඩා (මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල) පරාජය කරන ලදි.

වයස 12 න් පහළ කේවල  
සිඳුමි දහම්සා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් ඉයුනි වික්‍රමසිංහ (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි.

වයස 15 න් පහළ කේවල  
සෙනුගි තිසත්මා විසින් ඉයුනි වික්‍රමසිංහ (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි.

වයස 18 න් පහළ කේවල  
සෙනුරි අප්සරා (මහනුවර පුෂ්පදාන බාලිකා විදුහල) විසින් නවීෂා ඉඳුවරණි (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) පරාජය කරන ලදි.


සෙසු තරග ප්‍රතිඵල
ආධුනික පිරිමි
ධනුක් ළමාසූරිය (කොළඹ ආනන්ද විදුහල) විසින් චමිඳු ජයසූරිය (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි.

ආධුනික කාන්තා
සිඳුමි දහම්සා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් සෙනුරි අප්සරා (මහනුවර පුෂ්පදාන බාලිකා විදුහල) පරාජය කරන ලදි.  

අතරමැදි පිරිමි
සිතුම් නිරංග (ලොයෙලා ජාත්‍යන්තර පාසල) විසින් ධනුක් ළමාසූරිය (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි.

අතරමැදි කාන්තා
දුලානි ගොඩකන්ද (ගාල්ල ජාත්‍යන්තර පාසල) විසින් සමින්දි වීරසිංහ (යහපත් එf`ඞ්රාගේ කන්‍යාරාමය) පරාජය කරන ලදි.

විවෘත පිරිමි
ඉෂාර මධුරංග (ශ්‍රී ලංකා යුද හමුදාව) විසින් සිතුම් නිරංග (ලොයෙලා ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි.

විවෘත කාන්තා
තරින්දි පෙරේරා (කිරිබත්ගොඩ විහාරමහදේවී බාලිකා විද්‍යාලය) විසින් නිලූෂි පුෂ්පකුමාරි පරාජය කරන ලදි.

 


අදහස් (0)

දක්ෂතම ක්‍රීඩකයා ධනුක් - ක්‍රීඩිකාව සිඳුමි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.