Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිල්රුවන් පළමු පෙළ කඩුලු 800 යි

ඩිල්රුවන් පළමු පෙළ කඩුලු 800 යි

රොෂාන් ගුණරත්න - 2020 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

පළමු පෙළ කඩුලු 800 සීමාව පසුකිරීමට කෝල්ට්ස් පිලේ ඩිල්රුවන් පෙරේරා අද (25 වැනිදා) සමත්විය. සුපිරි කණ්ඩායම් 8 අතර පැවැත්වෙන තරගාවලියේ කෝල්ට්ස් පිල සහභාගිවන අවසන් තරගය වන එන්.සී.සී පිලට එරෙහිව අද ආරම්භවූ තරගයේ පළමු ඉනිමේදී කඩුලු 4 ක් ලබාගත් ඩිල්රුවන් පෙරේරා කඩුලු 800 කඩයිම පසුකිරීමට සමත්විය.

අද තරගය ආරම්භවීමට පෙර කඩුලු 799 ක් ලබාගෙන සිටි ඩිල්රුවන් පෙරේරා එන්.සී.සී පිලට එරෙහි තරගයේදී සිය 800 වැනි පළමු පෙළ කඩුල්ල ලෙස චතුරංග ද සිල්වා දවා ගැනීමට සමත්විය. පිට දඟ පන්දුවෙන් දස්කම් දක්වන 38 හැවිරිදි ඩිල්රුවන් පෙරේරා ටෙස්ට් තරග 41 කදී ලබාගත් කඩුලු 156 ද පළමු පෙළ කඩුලු 800 ට අයත්වේ.

මෙවර තරගාවලියේදී තරග 8 කට ක්‍රීඩාකර ඇති ඩිල්රුවන් පෙරේරා මේ වනවිට කඩුලු 41 ක් දවාගෙන ඇති අතර කඩුලු 5 බැගින් ඉනිම 3 කදී ලබාගෙන සිටී.


අදහස් (0)

ඩිල්රුවන් පළමු පෙළ කඩුලු 800 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.