Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජනාධිපති රන් කුසලාන තරග ඇරඹෙයි

ජනාධිපති රන් කුසලාන තරග ඇරඹෙයි

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 11 වැනි වරටත් සංවිධානය කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ මූලික වටයේ තරග සෙනසුරාදා (5 වැනිදා) සිට සඳුදා දක්වා අනුරාධපුර, තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


මෙම තරගාවලියේදී වයස 22 න් පහළ සහ විවෘත ලෙස කාණ්ඩ 2 ක් යටතේ පිරිමි සහ කාන්තා තරග පැවැත්වේ. අතර එක් කාණ්ඩයකට 50 ක් බැගින් (පිරිමි 25/කාන්තා 25) තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 100 කි.


දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම වයස 22 න් පහළ පිරිමි, වයස 22 න් පහළ කාන්තා, විවෘත පිරිමි සහ විවෘත කාන්තා වශයෙන් කණ්ඩායම් 4 බැගින් එම කණ්ඩායම් 100 ට ඇතුළත් වේ.


තරගාවලියේ අවසන් මහ තරග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 7 වැනිදා මහරගම තරුණසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


ඩයලොග් සමාගම මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.


අදහස් (0)

ජනාධිපති රන් කුසලාන තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.