Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චනුල් - නදිති ශූරතා දිනති

චනුල් - නදිති ශූරතා දිනති

ශානුක අරවින්ද - 2019 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටොප් චෑම්ප්ස් මේසපන්දු විද්‍යායතනය 9 වැනි වරටත් සංවිධානය කළ දකුණු පළාත් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ චනුල් දුල්සෙන්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලයේ නදිති රෙහන්සාද සම්මාන දිනාගත්හ.
 
අවුරුදු 15 න් පහළ, 18 න් පහළ, 21 න් පහළ සහ විවෘත කාන්තා යන ශූරතා හතරම දිනාගනිමින් නදිති රෙහන්සා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ අතර එම ඉසව් හතරේම අවසන් මහ තරගවලදී නදිති හමුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සඳුනි ප්‍රබුද්ධිකා පරාජයට පත් වූවාය.

කොළඹ ආනන්ද විදුහලේ හිරුණ වරුසවිතාන පරාජය කරමින් අවුරුදු 18 න් පහළ ශූරතාව දිනාගත් චනුල් දුල්සෙන්, ඉන් නොනැවතී ජාවා තොරතුරු තාක්ෂණ ආයතනයේ ෂෙහාන් ශානක පරාජය කරමින් විවෘත පිරිමි ශූරතාවද දිනාගැනීමට සමත් විය.

ඉකුත් වසරේ (2018) ජාතික මේසපන්දු ශූරයා බවට පත්වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේ තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

ශූරතා දිනූ ක්‍රීඩකයෝ

අවුරුදු 8 න් පහළ
ශූරතාව - චරිත ගිම්හාන (අම්බලන්ගොඩ බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලය)
අනු ශූරතාව - කෙනුල් හංසන (අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරත්න විද්‍යාලය)

අවුරුදු 10 න් පහළ
ශූරතාව - අකේන් බෝජිත් (අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරත්න විද්‍යාලය)
අනු ශූරතාව - තෙනුක් සන්චිත (අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරත්න විද්‍යාලය)

අවුරුදු 12 න් පහළ  
ශූරතාව - හරීන් නිම්දිනු (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
අනු ශූරතාව - ධම්සර මොවිඳුල් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

අවුරුදු 15 න් පහළ
ශූරතාව - විහඳු රන්දිත (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
අනු ශූරතාව - ගෙසඳු හෙලිත් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

අවුරුදු 18 න් පහළ
ශූරතාව - චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
අනු ශූරතාව - හිරුණ වරුසවිතාන (කොළඹ ආනන්ද විද්‍යාලය)

අවුරුදු 21 න් පහළ
ශූරතාව - ගෙසඳු හෙලිත් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
අනු ශූරතාව - විහඳු රන්දිත (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

විවෘත පිරිමි කේවල
ශූරතාව - චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
අනු ශූරතාව - ෂෙහාන් ශානක (ජාවා තොරතුරු තාක්ෂණ ආයතනය)

ශූරතා දිනූ ක්‍රීඩිකාවෝ
 
අවුරුදු 8 න් පහළ
ශූරතාව - අනුගි ධනාරා (අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය)
අනු ශූරතාව - එත්මි යෙනාරා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

අවුරුදු 10 න් පහළ
ශූරතාව - දුලදි සන්හසි (ගාල්ල ජාත්‍යන්තර පාසල)
අනු ශූරතාව - චතුමි ඉමායා (අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය)

අවුරුදු 12 න් පහළ
ශූරතාව - ලෙසන්යා සෙතුමිදී (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
අනු ශූරතාව - ඔමල්හාරා බෝපේආරච්චි (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

අවුරුදු 15 න් පහළ
ශූරතාව - නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය)  
අනු ශූරතාව - සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

අවුරුදු 18 න් පහළ
ශූරතාව - නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය)
අනු ශූරතාව - සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

අවුරුදු 21 න් පහළ
ශූරතාව - නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය)  
අනු ශූරතාව - සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
 
විවෘත කාන්තා කේවල

ශූරතාව - නදිති රෙහන්සා (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය)  
අනු ශූරතාව - සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

 


අදහස් (0)

චනුල් - නදිති ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.