Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චතුම් - චාමර රේවත විද්‍යාලයට ජය ගෙනෙති

චතුම් - චාමර රේවත විද්‍යාලයට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය සහ බලපිටිය රේවත විද්‍යාලය අතර බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති 32 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයේදී ලකුණු 187 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට රේවත විද්‍යාලය ඊයේ (2 වැනිදා) සමත්විය.

දක්ෂ පිතිහරඹයක නිරතවූ චතුම් කාව්‍යගේ (101) ශතකයත් ගිම්හාන් ධනුෂ්ක (75) සහ රමේෂ් මදුසංකගේ (72) අර්ධ ශතකත් හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රේවත විද්‍යාලය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 345 ක් රැස්කිරීමට සමත්විය.

රේවත විද්‍යාලීය පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට සිද්ධාර්ථ විද්‍යාලීය පන්දු යවන්නන් ලක්වූ අතර මයුර දිල්ෂාන්, නදීෂ විරාජ්, දෙනෙත් දිනාල් සහ තුෂාර දිල්ෂාන් කඩුලු 2 ක බැගින් දවාගැනීමට සමත්වූහ.

චාමර ප්‍රියදර්ෂණගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 346 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය සිද්ධාර්ථ විද්‍යාලයට ඕවර 25.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158 ක් පමණි.
පිත්තෙන් දස්කම් දැක්වූ තිලුක්ෂ මදුෂංක (76) අර්ධ ශතකයක් ලබාගනිමින් සිද්ධාර්ථ විද්‍යාලය වෙනුවෙන් හුදකලා සටනක නිරතවුවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

චාමර ප්‍රියදර්ෂණ ලකුණු 12 කට කඩුලු 5 ක් ද ශෂික ලක්ෂාන් සහ සහන් සංකල්ප කඩුලු 2 බැගින් දවාගනිමින් රේවත විද්‍යාලයට තරගයේ ජය හිමිකර දීමට සමත්වූහ.


රේවත විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 345
(චතුම් කාව්‍ය 101, ගිම්හාන් ධනුෂ්ක 75, රමේෂ් මදුසංක 72, අමල්ෂ අෂේන් නොදැවී 30, මයුර දිල්ෂාන් 27/2, නදීෂ විරාජ් 40/2, දෙනෙත් දිනාල් 43/2, තුෂාර දිල්ෂාන් 58/2)

සිද්ධාර්ථ විද්‍යාලය - ඕවර 25.3 කදී සියලුදෙනා දැවී ලකුණු 158
(තිලුක්ෂ මදුෂංක 76, චාමර ප්‍රියදර්ෂණ 12/5, ශෂික ලක්ෂාන් 23/2, සහන් සංකල්ප 25/2)

 


අදහස් (0)

චතුම් - චාමර රේවත විද්‍යාලයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.