Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝල්ට්ස් - සී.සී.සී - බදුරලිය ජය ලබති

කෝල්ට්ස් - සී.සී.සී - බදුරලිය ජය ලබති

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ සිව්වැනි සතියටත් සති අන්තයේදී අවසන්වූ අතර එහිදී පූර්ණ ජයග්‍රහණ හිමිකර ගැනීමට කෝල්ට්ස්, සී.සී.සී සහ බදුරලිය කණ්ඩායම් සමත් විය.

මූවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී මූවර්ස් පිලට එරෙහිව ලකුණු 88 ක ජයක් හිමිකර ගැනීමට කෝල්ට්ස් පිල සමත්වූ අතර මීගමුව පිලට එරෙහිව බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ලකුණු 88 කින් ජයගැනීමට සී.සී.සී පිල සමත්විය.

හලාවත මේරියන්ස් පිලට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති අනෙක් තරගය කඩුලු 7 කින් ජයගැනීමට බදුරලිය පිල සමත්විය.

‘ඒ’ ශ්‍රේණිය යටතේ තවත් තරග 3 ක් පැවැති අතර එහිදී පළමු ඉනිමේ ජයග්‍රහණ හිමිකර ගැනීමට සැරසන්ස්, රාගම සහ බී.ආර්.සී යන කණ්ඩායම් සමත්විය.

පසුගිය සති අන්තයේදී අවසන්වූ තරග වලදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට දිනුක දිල්ශාන් (මූවර්ස්), තික්‍ෂිල ද සිල්වා (හලාවත මේරියන්ස්), ළහිරු මිලන්ත (බදුරලිය), මනෝජ් සරත්චන්ද්‍ර (ද්‍රවිඩ සංගමය), නුවනිඳු ප්‍රනාන්දු (එස්.එස්.සී), දේෂාන් ඩයස් (බී.ආර්.සී), සමින්ද ප්‍රනාන්දු සහ නිෂාන් ප්‍රනාන්දු (රාගම) සමත්වූහ.

අසිත ප්‍රනාන්දු (හලාවත මේරියන්ස්) බදුරලිය පිලට එරෙහිව කඩුලු 7 ක් දවාගනිමින් පසුගිය සති අන්තයේදී ඉනිමක ඉහළම දස්කම් දැක්වූ පන්දු යවන්නා බවට පත්වූයේය. අෂාන් ප්‍රියංජන් (සී.සී.සී) මීගමුව පිලට එරෙහිවත්, ළහිරු සමරකෝන් (බදුරලිය) හලාවත මේරියන්ස් පිලට එරෙහිවත් ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. ඊට අමතරව චතුර රංදුණු (මූවර්ස්), ඩිල්රුවන් පෙරේරා (කෝල්ට්ස්), ප්‍රභාත් ජයසූරිය (කෝල්ට්ස්), මාලින්ද පුෂ්පකුමාර (සී.සී.සී), ලක්ෂිත රසාංජන (මීගමුව), දුවිඳු තිලකරත්න (බී.ආර්.සී) ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගැනීමට සමත්වූහ.

අෂාන් ප්‍රියංජන් (සී.සී.සී) මීගමුව පිලට එරෙහිව කඩුලු 11 ක් ද, ළහිරු සමරකෝන් (බදුරලිය) හලාවත මේරියන්ස් පිලට එරෙහිව කඩුලු 10 ක් ද, ඩිල්රුවන් පෙරේරා (කෝල්ට්ස්) මූවර්ස් පිලට එරෙහිවත්, මාලින්ද පුෂ්පකුමාර (සී.සී.සී) මීගමුව පිලට එරෙහිවත් කඩුලු 9 බැගින්ද, ප්‍රභාත් ජයසූරිය (කෝල්ට්ස්) මූවර්ස් පිලට එරෙහිවත්, දුවිඳු තිලකරත්න (බී.ආර්.සී) එස්.එස්.සී පිලට එරෙහිවත් කඩුලු 8 බැගින් දවාගනිමින් පසුගිය සති අන්තයේදී තරගයකදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නෝ වූහ.

කෝල්ට්ස් පිලට ලකුණු 88 ක ජයක්
මූවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 214
(සධීර සමරවික්‍රම 37, හේෂාන් ධනුෂ්ක 49, සංතුෂ් ගුණතිලක 34, විශාද් රංදික 24, ප්‍රියමාල් පෙරේරා 27, චතුර රංදුණු 42/5)

මූවර්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 264
(දිනුක දිල්ශාන් 118, සචිත්‍ර සේරසිංහ 27, අදීශ තිලංචන 30, ඩිල්රුවන් පෙරේරා 76/4, ප්‍රභාත් ජයසූරිය 82/3, නිපුන් රංසික 56/2)

කෝල්ට්ස් දෙවැනි ඉනිම -  කඩුලු 7 ක් දැවී 254
(සංගීත් කුරේ 41, සධීර සමරවික්‍රම 52, සංතුෂ් ගුණතිලක 51, ප්‍රියමාල් පෙරේරා 38, ධනංජය ලකෂාන් 39, සචිත්‍ර සේරසිංහ 23/2, කවිශ්ක අංජුල 50/2, චතුර රංදුණු 74/2)

මූවර්ස් දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 116
(නිපුන් කරුණානායක 25, අනුක් ප්‍රනාන්දු 33, ඩිල්රුවන් පෙරේරා 31/5, ප්‍රභාත් ජයසූරිය 69/5)

සී.සී.සී පිලට ලකුණු 88 ක ජයක්
සී.සී.සී සහ මීගමුව කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

සී.සී.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 142
(ලසිත් අබේරත්න 59, මාලින්ද පුෂ්පකුමාර 35, රොෂේන් ප්‍රනාන්දු 22/3, ඩිල්ෂාන් මුණවීර 23/2, සහන් අදීෂ 25/2)

මීගමුව පළමු ඉනිම -  සියලුදෙනා දැවී 141
(පසිඳු ලක්ෂංක 43, අෂාන් ප්‍රියංජන් 24/6, මාලින්ද පුෂ්පකුමාර 58/4)

සී.සී.සී දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 369
(පවන්ත වීරසිංහ 31, අෂාන් ප්‍රියංජන් 84, මලිඳු මදුරංග 83, සොනාල් දිනූෂ නොදැවී 75, පවන් රත්නායක 29, මාලින්ද පුෂ්පකුමාර 28, ලක්ෂිත රසාංජන 126/5, උපුල් ඉන්ද්‍රසිරි 94/3, රොෂේන් ප්‍රනාන්දු 33/2)

මීගමුව දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 282
(ඩිල්ෂාන් මුණවීර 77, ලක්ෂිත රසාංජන 72, ඇන්ජලෝ ජයසිංහ 40, රොස්කෝ තටිල් 45, අෂාන් ප්‍රියංජන් 101/5, මාලින්ද පුෂ්පකුමාර 102/5)

බදුරලිය පිලට කඩුලු 7 ක ජයක්
හලාවත මේරියන්ස් සහ බදුරලිය කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

මේරියන්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 206
(ඕෂධ ප්‍රනාන්දු 24, තික්‍ෂිල ද සිල්වා නොදැවී 119, ළහිරු සමරකෝන් 86/5, බුද්ධික සංජීව 55/2, තිලකරත්න සම්පත් 58/2)

බදුරලිය පළමු ඉනිම -  සියලුදෙනා දැවී 326
(යශෝධ ලංකා 51, දමිත් පෙරේරා 53, ළහිරු මිලන්ත 104, ශහීඞ් යූසුෆ් 48, අලංකාර අසංක නොදැවී 24, අසිත ප්‍රනාන්දු 139/7, සාගර් උදේෂී 60/2)

මේරියන්ස් දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 185
(ලසිත් කෲස්පුල්ලේ 22, සුමිත් ඝාන්ඩිගඕන්කර් 56, රුමේෂ් බුද්ධික 67, ළහිරු සමරකෝන් 71/5, බුද්ධික සංජීව 46/3, මලිත් ද සිල්වා 15/2)

බදුරලිය දෙවැනි ඉනිම -  කඩුලු 3 ක් දැවී 68
(තිලකරත්න සම්පත් 31)

සැරසන්ස් පිලට පළමු ඉනිමේ ජයක්
සැරසන්ස් සහ ලන්කන් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

ලන්කන් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 229
(කසුන් අබේරත්න 33, දමිත සිල්වා 27, ගීත් කුමාර 27, සවන් කන්කානන්ගේ 25, මාලිංග අමරසිංහ 76, චාමිකර එදිරිසිංහ 61/4, මොහොමඞ් දිල්ෂාඞ් 65/3, සාලිය සමන් 42/2)

සැරසන්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 427
(සිතාර ගිම්හාන් 31, නවිඳු නිර්මාල් 81, හර්ෂ රාජපක්ෂ 27, මිලින්ද සිරිවර්ධන 69, ප්‍රමෝද් මධුවන්ත 28, සාලිය සමන් නොදැවී 96, චාමිකර එදිරිසිංහ 20, ඉසිත විජේසුන්දර 30, ගීත් කුමාර 58/3, චානක රුවන්සිරි 63/3, උදිත් මධුෂාන් 96/2)

ලන්කන් දෙවැනි ඉනිම -  කඩුලු 3 ක් දැවී 233
(ප්‍රිමෝෂ් පෙරේරා 64, දමිත සිල්වා 40, ගීත් කුමාර නොදැවී 38, චානක රුවන්සිරි නොදැවී 72)

රාගම පිලට පළමු ඉනිමේ ජයක්
ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 421
(තරංග පරණවිතාන 35, කිත්රුවන් විතානගේ 77, මනෝජ් සරත්චන්ද්‍ර 113, රංමිත් ජයසේන 89, මදුක ලියනපතිරණගේ 38, ඉෂාන් ජයරත්න 90/4, අමිල අපෝන්සු 103/3, කල්හාර සේනාරත්න 102/2)

රාගම පළමු ඉනිම -  සියලුදෙනා දැවී 527
(සමින්ද ප්‍රනාන්දු 135, උදාර ජයසුන්දර 43, රොෂේන් සිල්වා 51, දිනෙත් තිමෝද්‍ය 20, නිෂාන් ප්‍රනාන්දු 169, සුපේෂල ජයතිලක 44, අමිල අපෝන්සු 32, ප්‍රමෝද් මධුෂාන් 108/3, විමුක්ති පෙරේරා 113/3, සදිෂ් පතිරණගේ 111/2, මදුක ලියනපතිරණගේ 146/2)

ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිම -  කඩුල්ලක් දැවී 60
(මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 41)

බී.ආර්.සී පිලට පළමු ඉනිමේ ජයක්
එස්.එස්.සී සහ බී.ආර්.සී කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 305
(නුවනිඳු ප්‍රනාන්දු 109, ක්‍රිෂාන් සංජුල 92, සම්මු අෂාන් 32, මලිඳු ශෙහාන් 62/3, දුවිඳු තිලකරත්න 87/3, තරිඳු කෞෂාල් 56/2)

බී.ආර්.සී පළමු ඉනිම -  කඩුලු 8 ක් දැවී 456
(ලසිත් ලක්ෂාන් 75, භානුක රාජපක්ෂ 56, දේෂාන් ඩයස් නොදැවී 152, රමින්ද විජේසූරිය 42, තරිඳු කෞෂාල් 37, දුවිඳු තිලකරත්න 21, ආකාෂ් සේනාරත්න 100/3, චරිත් අසලංක 50/2)

එස්.එස්.සී දෙවැනි ඉනිම -  කඩුලු 9 ක් දැවී 153
(සඳුන් වීරක්කොඩි 56, ක්‍රිෂාන් සංජුල 39, දුවිඳු තිලකරත්න 48/5, තරිඳු කෞෂාල් 49/4)


අදහස් (0)

කෝල්ට්ස් - සී.සී.සී - බදුරලිය ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.