Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කොළඹ ටෙනිස් ශූරතාවලිය ඇරඹේ

කොළඹ ටෙනිස් ශූරතාවලිය ඇරඹේ

ශානුක අරවින්ද - 2021 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 105 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ටෙනිස් ශූරතාවලිය මේ දිනවල කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ මස 5 වැනිදා ආරම්භ වූ තරගාවලිය ලබන 14 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.

මෙම තරගාවලියේදී කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.

එහිදී ප්‍රවීණ තරගකරුවන් සඳහා වයස 35 න් ඉහළ, 45 න් ඉහළ, 55 න් ඉහළ සහ 65 න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ කේවල සහ සහ යුගල තරග පැවැත්වෙන අතර රෝද පුටු අංශය සඳහාද කේවල සහ සහ යුගල තරග පැවැත්වේ.

කනිෂ්ඨ අංශයේ තරග වලදී එක් ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට සහභාගි විය හැකි උපරිම ඉසව් සංඛ්‍යාව 3 ක් වන අතර ඉන් එක් ඉසව්වක් අනිවාර්යෙන්ම යුගල ඉසව්වක් විය යුතුය.

‘විෂන් කෙයාර්’ සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.  ‘ෆස්ට් කැපිටල්’ සමාගම එහි සම අනුග්‍රාහකයා ලෙසත්, ‘හෙඩ්’ සමාගම නිල පන්දු සැපයුම්කරුවා ලෙසත් කටයුතු කරයි.

 


අදහස් (0)

කොළඹ ටෙනිස් ශූරතාවලිය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.