Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩාවේ දැනුමැතියන් හිඟයි - දයාසිරි

ක්‍රීඩාවේ දැනුමැතියන් හිඟයි - දයාසිරි

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බොහෝ ජාතික ක්‍රීඩා සංගම්වලට ක්‍රීඩා සැලසුම් සකස්කිරීම සඳහා දැනුමැති නිලධාරීන් නොමැති වීම කණගාටුවට කරුණක් බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ පසුබැස්මට ප්‍රධාන හේතුවද දීර්ඝ කාලීන සැලැස්මක් ජාතික ක්‍රීඩා සංගම් සතුව නොතිබීම බවත්, තමා සෑම ජාතික ක්‍රීඩා සංගමයකටම අදාළ ක්‍රීඩාව වෙනුවෙන් පස් අවුරුදු ජාතික සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ අතළොස්සක් බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (26 දා) පෙරවරුවේ ආරම්භ වූ වොලිබෝල් ජාතික සමු`එවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ක්‍රීඩා ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය. මෙම දෙදින සමුළුව හෙට (27 දා) අවසන් වේ.

වසර 100ක් (1916-2016) සපිරි ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ තුන්වැනි ජාතික සමු`එව මෙයයි.  මීට පෙර 1984 දී චරිත රත්වත්තේ මහතා සභාපති තනතුර හෙබවූ කාලයේදී සහ 2005 ඩිලාන් පෙරේරා සභාපති ධූරය හෙබවූ කාලයේදී මෙවැනි ජාතික සමු`එ 2 ක් පැවැත්විණි.

මෙවර ජාතික වොලිබෝල් සමු`එව ඇසුරින් සකස් කිරීමට යෝජිත සිව් අවුරුදු වොලිබෝල් සැලැස්ම මගින් ඉදිරි වසර 2 ඇතුළත ආසියාවේ පළමු කණ්ඩායම් 8 ඇතුළට පැමිණීමත්, වසර 4 අවසානයේ ආසියාවේ පළමු කණ්ඩායම් 4ට පැමිණීමත් ප්‍රධාන ඉලක්ක ලෙසින් හඳුනා ගෙන තිබේ.

සීඝ්‍ර පසුබැස්මකට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව යළි නංවාලීම ඉලක්ක කොටගෙන කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සිව් අවුරුදු වොලිබෝල් සැලැස්මක් සකස්කිරීමට පෙර මෙරට වොලිබෝල් ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩවල සෘජුව සහ වක්‍රව සිටින ප්‍රවීණයන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීමේ අරමුණින් 3 වැනි ජාතික වොලිබෝල් සමු`එව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන ලදි. මේ සඳහා පුද්ගලයන් 200 කට ආසන්න පිරිසකට ඇරයුම් කර තිබූ නමුදු ඊට සහභාගී වීම සඳහා 100 කටත් අඩු පිරිසකි.
 
රාජ්‍ය අංශයේ ලාභ ලබන ආයතනවල සේවය සඳහා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවාගැනීමේ ජාතික වැඩපිළිවෙළක් ඉදිරියේදී රජයට යෝජනා කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා සුදානම් වේ. වර්තමානයේ බොහෝ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොතරම් කුසලතා තිබුණත්, අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු ක්‍රීඩාව අතහැර රැකියාවන් සොයායාමේ ප්‍රවණතාවක් අද තිබෙන බවත්, ක්‍රිකට්, රගර් වැනි ක්‍රීඩා කිහිපයක් හැර සෙසු ක්‍රීඩාවලට දීර්ඝ කාලීනව යොමු වීමෙන් පලක් නොවන බව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම දෙමව්පියන්ටද ඒත්තු ගැනීම නිසා ක්‍රීඩාවේ පසුබැස්මක් පෙන්නුම් කරන බවත් ඇමැතිවරයා පවසයි.   

 

ජාතික වොලිබෝල් සමුළුවේදී ඇමැති දෙපළ අදහස් හුවමාරු කර ගනිමින්

   

 


අදහස් (0)

ක්‍රීඩාවේ දැනුමැතියන් හිඟයි - දයාසිරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.