Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා පාසල් 25 ක සංවර්ධනයට අලුත් චක්‍රලේඛයක් ළඟළඟම

ක්‍රීඩා පාසල් 25 ක සංවර්ධනයට අලුත් චක්‍රලේඛයක් ළඟළඟම

යොහාන් භාසුර - 2020 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාවේ කඩා වැටී ඇති ක්‍රීඩාව පැණගැන්වීමේ පියවරක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ක්‍රීඩා පාසල් සංවර්ධනයට නව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වේ. ඒ සඳහා වන නීතිමය පහසුකම් සැළසීමට නව චක්‍රලේඛයක් සකස් කර එය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා පාසල් 25 ක් ඇති අතර ඉන් පාසල් 24 ක් මේ වන විට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ සහ අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් යන මහත්වරු ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එම අමාත්‍යංශ දෙක ඒකාබද්ධව පාසල් ක්‍රීඩාව දියුණු කිරීම පිළිබඳව පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම චක්‍රලේඛය නිකුත් කෙරේ.

ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී උද්ගත වී ඇති ගැටලු නිරාකරණය කිරීමට එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා එහි ලේකම්වරයාට උපදෙස් දී තිබුණි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් එම පාසල්වල නේවාසික පහසුකම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත්, ප්‍රමිතියෙන් යුත් පුහුණුකරුවන්ගේ සේවය ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී තිබේ.   

 


අදහස් (1)

ක්‍රීඩා පාසල් 25 ක සංවර්ධනයට අලුත් චක්‍රලේඛයක් ළඟළඟම
  • jayantha Dassanayaka Tuesday, 08 September 2020 09:47 AM

    ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර තිබුණු සබඳතාව බිඳ දැමුවේ 1983 පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රසිද්ධ පාසල් (public school) සහ ජාතික කණිෂ්ඨ තරගාවලිය (junior national) තහනම් කරමින්... එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ සුනිල් ජයවීර මහතා විසින්. තමුන් හිටපු අමාත්‍යාංශයේම නිලධාරින්ගෙන් පළිගැනීමට... කිසිම වරදක් නොකල පාසල් දරුවන්ට වුණේ ලොකුම අසාධාරණයක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.