Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කරුණාරත්න බෞද්ධ විදුහලට මුල් ඉනිමේ ජයක්

කරුණාරත්න බෞද්ධ විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රාගම කරුණාරත්න බෞද්ධ විදුහල සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කරුණාරත්න බෞද්ධ විදුහල සමත් විය.

එහිදී කරුණාරත්න බෞද්ධ විදුහලේ ඩිලාන් මලින්ත (60) සහ යසිත් සුදාරක (51) ද, ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉසුරු පෙරේරා (80) සහ දිනෙත් අමරසේකර (74) ද අර්ධ ශතක ලබාගත්හ.

කරුණාරත්න බෞද්ධ විදුහල් පළමු ඉනිම - ඕවර 72.4 කදී සියලු දෙනා දැවී 277
(ඩිලාන් මලින්ත 60, යසිත් සුදාරක 51, විරාජ් මල්වත්ත 31, ඉසුරු පෙරේරා 43/3, යසිත් කළුපහන 55/2)

ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 54.3 කදී සියලු දෙනා දැවී 230
(ඉසුරු පෙරේරා 80, දිනෙත් අමරසේකර 74, උසිත සුබෝද 14/4, රුවින් සංකල්ප 107/4, ලසිඳු කවිෂ්ක 61/2)

කරුණාරත්න බෞද්ධ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලු 3 ක් දැවී 117
(විරාජ් මල්වත්ත නොදැවී 39, යසිත් උදාරක 31, දිල්සර නිම්නජිත් 28)

-036


අදහස් (0)

කරුණාරත්න බෞද්ධ විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.