Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්සත් සුපර් ලීග් කමිටුව පිහිටුවයි

එක්සත් සුපර් ලීග් කමිටුව පිහිටුවයි

නාමල් පතිරගේ - 2021 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ක්‍රීඩා සමාජ හා ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා පෙරේදා (03) එක්සත් සුපර් ලීග් කමිටුව නමින් නව සංවිධානයක් ස්ථාපිත කෙරුණි. ප්‍රමුඛතම පාපන්දු ක්‍රීඩා සමාජ 10 එකමුතුවෙන් පෙරේදා (2) එන්.සී.සී. ක්‍රීඩා සමාජ ශාලාවේදී ස්ථාපිත කළ නව සංවිධානයේ අභිනව සභාපතිවරයා ලෙස වෙන්නප්පුව නිව්යංග්ස් පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා පත් කර ගැනුණි.

සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා මේ වන විට වෙන්නප්පුව පාපන්දු ලීගයේ සභාපතිවරයා ලෙසත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

නිලධාරීන් තිදෙනෙකුට පමණක් සීමා වන එක්සත් සුපර් ලීග් කමිටුවේ ලේකම්වරයා ලෙස රිනවුන් ක්‍රීඩා සමාජයේ කළමනාකරු රෝයිස්ටන් ප්‍රනාන්දු මහතාත්,  භාණ්ඩාගාරිකවරයා ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සභාපති නාවික කොමදෝරු මිලාන් සිල්වා මහතාත් කටයුතු කරති.

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමත් ක්‍රීඩා සමාජ මුහුණ දෙන මූල්‍යමය ගැටලුවලදී එක්සත්ව කටයුතු කිරීමත් නව සංවිධානයේ ප්‍රධාන අරමුණ බව රෝහිත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

වෙන්නප්පුව නිව් යංග්ස්, කළුතර බ්ලූස් ස්ටාර්ස්, නාවලපිටිය අප් කන්ට්‍රි ලයන්ස්, නාවික හමුදාවේ සී හෝක්ස්, ගුවන් හමුදාවේ බ්ලු ඊගල්ස්, යුද හමුදාවේ ඩිෆෙන්ඩර්ස්, බේරුවල රෙඩ් ස්ටාර්, රිනවුන්, රත්නම් හා කොළඹ පාපන්දු සමාජය සුපර් ලීග්  තරගාවලියේ ක්‍රීඩා තරග ක්‍රීඩා සමාජයන්හි ප්‍රධානීහු පෙරේදා රැස්වීමට සහභාගී වී සිටියහ.

 


අදහස් (0)

එක්සත් සුපර් ලීග් කමිටුව පිහිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.