Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින තරගයේ ජය ශාන්ත මරියා විද්‍යාලයට

එක්දින තරගයේ ජය ශාන්ත මරියා විද්‍යාලයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය සහ කෑගලු විද්‍යාලය අතර කෑගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 18 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 108 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත මරියා විද්‍යාලය අද (31 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හඹාගිය කෑගලු විද්‍යාලයට ශාන්ත මරියා විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 36.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 173 ක් පමණි.

එහිදී රුචිර චාමර (51) කෑගලු විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර සිනෙත් වීරසූරිය, අකලංක පෙතියාගොඩ, අචින්ත වික්‍රමසිංහ සහ ගිහාන් අබේවර්ධන කඩුලු 2 බැගින් දවාගනිමින් කෑගලු විදුහලේ ජයග්‍රාහී මාවත අවහර කළහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මරියා විදුහල ඕවර 49.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 281 ක් රැස්කළ අතර සංදීප විජේසූරිය (63) එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් විය.


ශාන්ත මරියා විදුහල - ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 281
(සංදීප විජේසූරිය 63, ගිහාන් අබේවර්ධන 37, ගජිත කොටුවෙගොඩ 34, අකලංක පෙතියාගොඩ 27, සනුද පුලස්ති 43/2)

කෑගලු විදුහල - ඕවර 36.3 කදී සියලුදෙනා දැවී 173
(රුචිර චාමර 51, පසිඳු නිර්මාල් 32, සිනෙත් වීරසූරිය 19/2, අකලංක පෙතියාගොඩ 23/2, අචින්ත වික්‍රමසිංහ 33/2, ගිහාන් අබේවර්ධන 35/2)

 


අදහස් (0)

එක්දින තරගයේ ජය ශාන්ත මරියා විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.