Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසව් දෙකක ප්‍රතිඵල අත්හිටුවයි

ඉසව් දෙකක ප්‍රතිඵල අත්හිටුවයි

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම තරගාවලියේ ජේ. කාණ්ඩයේ වයස අවුරුදු 16 න් පහළ (සි. ධා. 150 දක්වා) සහ 13 න් පහළ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව් දෙක සම්බන්ධයෙන් විරෝධාතාවක් එල්ල වීම නිසා එම ඉසව්වල ප්‍රතිඵල අත්හිටුවීමට සංවිධායකයෝ පියවර ගත්හ.

එම ඉසව් දෙකට සහභාගි වූ ඇතැම් ක්‍රීඩකයන්ගේ යතුරුපැදිවල සිලින්ඩර ධාරිතාවන් නියමිත ප්‍රමාණයට වඩා වැඩි වන අයුරින් සකස්කොට ඇති බවට චෝදනා කරමින් එම ඉසව් දෙකට සහභාගි වූ ස්ටෙෆාන් ප්‍රනාන්දුගේ පියා වන රොයිස් ප්‍රනාන්දු එම විරෝධතාව ඉදිරිපත් කර තිබිණ.

ඒ අනුව ඉදිරියේදී චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන්ගේ යතුරුපැදි පරික්ෂාවකට ලක්කරන බවත්, යම් හෙයකින් ඒවා නියමිත සිලින්ඩර ධාරිතාවන්ට අනුකූල නොවන්නේ නම් ඔවුන් ලබා ඇති ජයග්‍රහණ අවලංගු කර, ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බවත් තරග සංවිධායකයෝ ‘ලංකාදීප’ යට පැවසූහ.

මෙම විරෝධතාව සම්බන්ධයෙන්ද දෙපිරිසක් අතර ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. එහිදී මෝටර් රථ ක්‍රීඩාවේ නියැලෙන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකුගේ ආධාරකරුවකු, චෝදනාවට ලක්වූ පාර්ශවයේ ක්‍රීඩකයකුගේ පියෙකුට පහරදීමක් කළ අයුරුද එතැන සිටි බොහෝ දෙනෙකුට දැකගැනීමට හැකි වී තිබේ.

 

වයස 13න් පහළ මොටෝ ක්‍රොස් යතුරුපැදි තරගය ජයගත් තාරුක රුමීෂ

- 036

 


අදහස් (0)

ඉසව් දෙකක ප්‍රතිඵල අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.