Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු යොවුන් ශූරතාවලියට යති

ආසියානු යොවුන් ශූරතාවලියට යති

editorial - 2019 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොන්ගෝලියොවේ උලන්බතාර් නුවරදී අද (9 වැනිදා) සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ දෙදෙනෙක් සහභාගි වී සිටිති. හොරණ විද්‍යාරතන විද්‍යාලයේ තොනෙජ් රෂ්මික සහ කඹුරුපිටිය නාරංදෙණිය ජාතික පාසලේ තරිඳු නෙත්මින ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉහත තරගාවලියට සහභාගි වී සිටින ක්‍රීඩකයෝ දෙදෙනා වෙති.

ඉකුත් මාසයේදී පැවැති ජනරාල් ජගත් ජයසූරිය අභියෝග කුෂලාන බොක්සිං ශූරතාවලියේදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් මෙම ක්‍රීඩකයන් දෙදෙනා ආසියානු යොවුන් බොක්සිං ශූරතාවලියට තෝරාගැනීමට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය පියවර ගෙන තිබේ. ඉකුක් වසරේ (2018) පැවැති ස්ටබ්ස් පළිහ බොක්සිං තරගාවලියේ බැන්ටම් බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට රෂ්මික සමත් වූ අතර මේ වසරේ (2019) පැවැති එල්.වී. ජයවීර, ටී.බී. ජයා සහ යොවුන් බොක්සිං ශූරතාවලි වලදී ෆ්ලයි බර පංතියේ රන් පදක්කම් දිනාගැනීමට තරිඳු සමත් විය.  

කසකස්තානය, චීනය, පිලිපීනය, තජිකිස්තානය, තායිලන්තය සහ සත්කාරක මොන්ගෝලියාව යන බොක්සිං ක්‍රීඩාවේ ප්‍රබල රටවල්ද ඇතුළුව ආසියානු රටවල් 26 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ රැසක් මෙම තරගාවලියට එක්ව සිටිති.

අමිල අරවින්ද සහ දීපාල් ජයසිංහ යන මහත්වරු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.


-036


අදහස් (0)

ආසියානු යොවුන් ශූරතාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.