Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට යති

ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට යති

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ ‘සම්ලා’ වෙරළේදී රටවල් 37 ක කණ්ඩායම් තරග වදින ආසියානු වෙරළ (බීච්) වොලිබෝල් (කාන්තා/පිරිමි) ශූරතාමාලාවට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් හෙට (11) දිවයිනෙන් පිටත්ව යයි.

මෙතෙක් ජ්‍යෙෂ්ඨතම වොලිබෝල් ක්‍රීඩිකාවක් ලෙසත්, ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායිකාවක් ලෙසත් කටයුතු කර ඇතැයි නාවික හමුදාවේ දිනේෂා ප්‍රසාදිනි පළමු වතාවට වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවක් ලෙස මෙම සංචාරයට එක්ව සිටී.

ඇය මෙතැන් සිට වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවක් ලෙස දිගටම කටයුතු කරන බවත් එළඹන සාෆ් ක්‍රීඩා උළෙලේදීත් ඇය ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් (කාන්තා) කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් සිටින බවත් වාර්තාවේ.

දේශීය වොලිබෝල් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට එක් අවස්ථාවකදී නියෝජනය කළ හැක්කේ ජාතික වොලිබෝල් සංචිතය හෝ ජාතික වෙරළ සංචිතය යන දෙකෙන් එකක් පමණි. ඒ අනුව ඇය මෙතැන් සිට වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාවක් ලෙස දිගටම කටයුතු කිරීමට තීරණය කර තිබේ.

තරගාවලිය ලබන සිකුරාදා (12) සිට මෙම 17 වැනිදා දක්වා ‘සම්ලා’ වෙරළේදී පැවැත්වේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවැසුවේ තරග කාලසටහන එළිදැක්වෙන විවෘත කුසපත් ඇදීමෙන් පසුව ශ්‍රී ලංකාවට තරගාවලියේදී මුණගැසෙන ප්‍රතිවාදීන් ප්‍රකාශයට පත්වන බවයි. කුසපත් ඇදීම හෙට (11) සිදුකෙරේ.

ශ්‍රී ලංකා කණ්ඩායම් සඳහා මාස හතරකට ආසන්න කාලයක් පුරා නේවාසික පුහුණුවීම් ලබාදී තිබේ. ඒ සුගතදාස එළිමහන් පිටියේ ස්ථාපිත කෘත්‍රිම වෙරළ වොලිබෝල් පිටිය ඇතුළුව ගල්කිස්ස  හා මීගමුව යන වෙරළ තීරයන්හිදීය.

ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෙතෙක් පැමිණි උපරිම දුර අටවැනි ස්ථානයයි.


පිරිමි කණ්ඩායම
මලිත්ත යාපා (නායක), ඉන්දික ටිරෝන්, අංජන සංදීපන, අශේන් රස්මිත, පුහුණුකරු - ජූඩ් මහේෂ් පෙරේරා

කාන්තා කණ්ඩායම
දිනේෂා ප්‍රසාදිනි (නායිකා), කසුනි තාරුකා, දීපිකා බණ්ඩාර, චතුරිකා වීරසිංහ, පුහුණුකරු - ප්‍රියන්ත රාජපක්ෂ.
කණ්ඩායම් දෙකේම කළමනාකරු ලෙස ඩී. එස්. ඒ. අරුණ ශාන්ත මහතා කටයුතු කරයි.

 

ආසියානු ශූරතා වෙරළ වොලිබෝල් තරග මාලාවට සහභාගිවන ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි කණ්ඩායම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය හා එහි ලේකම් ඒ. එස්. නාලක යන මහත්වරුන් සමග.


අදහස් (0)

ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.