Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආධුනික චෙස් තරගාවලිය ඇරඹෙයි

ආධුනික චෙස් තරගාවලිය ඇරඹෙයි

ශානුක අරවින්ද - 2020 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය 7 වැනි වරටත් සංවිධානය කරන විවෘත සහ කාන්තා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආධුනික චෙස් තරගාවලිය නුගේගොඩ, දෙල්කඳ සංහිඳ උත්සව ශාලාවේදී ආරම්භ විය. මෙම තරගාවලිය ලබන ඉරිදා (4 වැනිදා) දක්වා පැවැත්වේ.

මේ දක්වා ජාතික මට්ටමේ චෙස් තරගාවලීන්හිදී ජයග්‍රහණ ලබා නොමැති ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මෙම තරගාවලිය සඳහා සහභාගි විය හැකිය. තරගාවලියට සහභාගි වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහතික පත් පිරිනැමෙන අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ බෙදා දීමට නියමිත මුලු මුදල රුපියල් 250,000 කි.

එහිදී විවෘත තරගාවලියේ ජයග්‍රාහකයාට ශූරතා කුසලාන, රන් පදක්කම සහ රුපියල් 40,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයට රිදී පදක්කම සහ රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක්ද, තෙවැනි ස්ථානයට ලෝකඩ පදක්කම සහ රුපියල් 15,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ. එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන සඳහා රුපියල් 10,000 බැගින්ද, හයවැනි ස්ථානයේ සිය 15 වැනි ස්ථානය දක්වා රුපියල් 5,000 බැගින්ද පිරිනැමීමට සංවිධායකයෝ සූදානමින් සිටිති.

කාන්තා තරගාවලියේ ජයග්‍රාහිකාවට ශූරතා කුසලාන, රන් පදක්කම සහ රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයට රිදී පදක්කම සහ රුපියල් 15,000 ක මුදල් ත්‍යාගයක්ද, තෙවැනි ස්ථානයට ලෝකඩ පදක්කම සහ රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ. එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන සඳහා රුපියල් 5,000 බැගින්ද, හයවැනි ස්ථානයේ සිය 10 වැනි ස්ථානය දක්වා රුපියල් 4,000 බැගින්ද හිමිවනු ඇත.

තරගාවලියට සහභාගිවීමට අවශ්‍ය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ මස 30 වැනිදාට පෙර සිය අයැදුම්පත් ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ තරග කොමිසමේ සභාපති ඉරෝෂ් ජයසිංහ මහතා (071-3775756) වෙත ලැබීමට සැලැස්විය යුතුය.

 


අදහස් (0)

ආධුනික චෙස් තරගාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.