Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග 3 යළිත් කල්යයි

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග 3 යළිත් කල්යයි

නාමල් පතිරගේ - 2021 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ (2022) කටාර්හිදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ ආසියානු කලාප දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව සහභාගී වන තරග තුනක් යළිත් කල් දමා තිබේ. නවතම වාර්තා අනුව මෙම ආසියානු කලාප දෙවැනි වටයේ තරග තුනම ලබන ජුනි මාසයට කල්දමා තිබේ.

නව තරග කාලසටහනට අනුව ලබන ජුනි 3 වැනිදා උතුරු කොරියාවට එරෙහිව උතුරු කොරියාවේදී තරගය පැවැත්වේ. ජුනි 7 වැනිදා දකුණු කොරියාවට එරෙහිව කොළඹදී තරගය පැවැත්වෙන අතර ජුනි 11 වැනිදා ලෙබනනයට එරෙහිව බීරූට් නුවරදී අනෙක් තරගය පැවැත්වේ.

මෙම පාපන්දු තරග තුන, මාර්තු 25 හා 31 යන දිනවලදීත් හා ජුනි 7 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබිණ. පිළිවෙළින් උතුරු කොරියාව, දකුණු කොරියාව සහ ලෙබනනය  ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදීමට සූදානමින් සිටියේය.

එම තරග කල් යාමත් සමග මේ වනවිට වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සේවය කරන බොස්නියානු ජාතික පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතාගේ දායකත්වය සම්බන්ධයෙන් තක්සේරුවකට පැමිණීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට තවත් කාලයක් බලා සිටීමට සිදුවී තිබේ.


අදහස් (0)

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග 3 යළිත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.