Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විද්‍යාලෝක විදුහල පළමු ඉනිම ජයගනී

විද්‍යාලෝක විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හෝමාගම මැදි විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර මීවනපලාන විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට විද්‍යාලෝක විදුහල සමත් විය.

එහිදී හෝමාගම මැදි විදුහලේ බිනෙත් අනුජය (104) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම අෂේන් ශානුක (60) අර්ධ ශතකයක් ලබාගත්තේය.

හෝමාගම මැදි  විදුහල් පළමු ඉනිම - ඕවර 76 කදී සියලු දෙනා දැවී 182
(අෂේන් ශානුක 60, දිනෙත් සංජුල 34, සඳුන් කෞෂිත නොදැවී 22, සජිත් චතුරංග 22, සචිඳු සෞම්‍ය 51/4, උමයංග ඉමංජන 33/3, නදීර ඉෂාන් 44/2)

විද්‍යාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 41.2 කදී කඩුලු 8 ක් දැවී 242
(සචිඳු සෞම්‍ය 92, සෙනිත් ප්‍රවීන් 43, ප්‍රමුදිත දිසාල් 42, උෂාන් සත්සර 41/3, සජිත් චතුරංග 77/2)

හෝමාගම මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 44.4 කදී කඩුලු 6 ක් දැවී 169
(බිනෙත් අනුජය 104, උමයංග ඉමංජන 72/3, නදීර ඉෂාන් 23/2)

-036


අදහස් (0)

විද්‍යාලෝක විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.