Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යොවුන් ක්‍රීඩකයෝ කොදෙව් වෙත යති

යොවුන් ක්‍රීඩකයෝ කොදෙව් වෙත යති

යොහාන් භාසුර - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වීසා නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණදී සිටි ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිල දින හතක් ප්‍රමාදවී පසුගිය සිකුරාදා රාත්‍රීයේ බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව ගියේය.  ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් හත් දෙනෙකුගේ ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප වීමෙන් සංචාරය කල්දැමීමට සිදුවූ අතර පසුව එංගලන්තයෙන් වීසා ලබාගෙන සංචාරයට පිටත්ව ගියේය.

දකුණු අප්‍රිකාවේදී ලබන ජනවාරි මස පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස බටහිර ඉන්දීය දූපත්හිදී සත්කාරක කොදෙව් සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් තරගාවලියකට ශ්‍රී ලංකා පිල සහභාගි වෙයි.

මෙම සංචාරයට සහභාගි වූ 15 දෙනකුගෙන් යුත් මෙම ශ්‍රී ලංකා යොවුන් සංචාතය වෙනසකින් තොරව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.   
 
ශ්‍රී ලංකා පිල පසුගිය මස 29 වැනිදා පිටත්ව යෑමට නියමිතව තිබූ අතර පළමු තරගයට මේ මස 6 වැනිදා සහභාගි වීමට නියමිතව සිටියේය.

නව තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය කොදෙව් පිලට එරෙහිව හෙට (10) පැවැත්වේ.

පළමු වටයේදී එක කණ්ඩායමක් තරග හකට සහභාගි වන අතර අවසන් මහ තරගය මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිතය.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය:
නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර (උප නායක), නවෝද් පරණවිතාන, අහන් වික්‍රමසිංහ, රවිඳු රෂාන්ත, සොනාල් දිනූෂ, ලක්‍ෂාන් ගමගේ, චමිඳු වික්‍රමසිංහ, අම්ෂි ද සිල්වා, නවීන් ප්‍රනාන්දු, යසිරු රොද්‍රිගු, චමිඳු විජේසිංහ, අෂේන් ඩැනියල්, දිලුම් සුදීර සහ කවිඳු නදීෂාන්

 


සංචාරයට පිටත්ව ගිය ශ්‍රී ලංකා පිල නිලධාරීන් සමඟ

 


අදහස් (0)

යොවුන් ක්‍රීඩකයෝ කොදෙව් වෙත යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.