Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති දකුණු ආසියානු ක්රීඩා උළෙලේ බොක්සිං ක්රීඩාවෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ අද (9 වැනිදා) සමත් වූහ.
අද දිනයේදී බොක්සිං ක්රීඩාවෙන් ශ්රී ලංකාවට හිමිවූ එකම රන් පදක්කම තමන් සතුකර ගැනීමට මිඩ්ල් (කිලෝ ග්රෑම් 75) බර පන්තිය යටතේ තරග වැදුණු දිනේෂ් මදුරංග සමත් විය.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්රෑම් 64) බර පංතිය යටතේ තරග වැදුණ දිනිදු සපරමාදු ශ්රී ලංකාවට බොක්සිං ක්රීඩාවෙන් පළමු ලෝකඩ පදක්කම දිනාදුන්නේය.
ඉන් අනතුරුව කාන්තා බොක්සිං ඉසව්වේදී ලයිට් ෆ්ලයි (කිලෝ ග්රෑම් 48) බර පන්තිය යටතේ තරග වැදුණ නදීකා පුෂ්පකුමාරි, බැන්ටම් (කිලෝ ග්රෑම් 54) බර පන්තිය යටතේ තරග වැදුණ සංජීවනී කුරේ, ලයිට් (කිලෝ ග්රෑම් 60) බර පන්තිය යටතේ තරග වැදුණ කේ.ඒ.කේ. හංසිකාද ශ්රී ලංකාවට ලෝකඩ පදක්කම් දිනාදුන්හ.
එම ඉසව් තුනේම රන් සහ රිදී පදක්කම් ඉන්දීය සහ නේපාල ක්රීඩක ක්රීඩිකාවන් විසින් දිනාගනු ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.