Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු සිකුරාදා හෙට සිට

පාපන්දු සිකුරාදා හෙට සිට

editorial - 2021 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව  “පාපන්දු සිකුරාදා“ වැඩසටහන හෙට (19 වැනිදා) සිට ආරම්භ වේ. මෙම වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් හදුන්වාදෙනු ලබන වැඩසටහනකි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ජනතාවට නිවෙස් තුලට වී කාලය ගත කිරීමට සිදු වී තිබේ.  එබැවින් බොහෝ දෙනා හට තමන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය වෙනුවෙන් ශාරීරික ව්‍යායාමවල හා ක්‍රිඩා කටයුතුවල යෙදීමට නොහැකිය.   මේ තත්ත්වය අවබෝධකරගත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ආරක්ෂීත මාර්ගෝපදේශ සහිතව ශාරීරික ව්‍යායාමයක් වශයෙන් පාපන්දු ක්‍රීඩා කළ හැකි වැඩසටහනක් ලෙස ‘පාපන්දු සිකුරාදා‘ හඳුන්වාදී තිබේ.

එහි සමාරම්භක උළෙළ හෙට (19  වැනිදා) ප.ව.6.00 සිට මධ්‍යමරාත්‍රිය දක්වා කොළඹ 07, තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන සදහා පවුලේ සියලුම දෙනාට සහභාගී විය හැකිය.

එම ස්ථානයේ කුඩා වෙළදපොළක් සහ පාපන්දු පුහුණු සැසියක් පැවැත්වීමටද කටයුතු සැළසුම් කර ඇත. පවුලේ සියළුදෙනාට පැමිණ සහභාගී විය හැකි මෙම වැඩසටහන සදහා ජනප්‍රිය ක්‍රිඩක ක්‍රීඩිකාවන් ද සහභාගී වීමට නියමිතය.

සුවදායී බව ආරක්ෂා කරමින්, විනෝදාස්වාදයත් ලබාගත හැකි පරිදි නිර්මාණය කර ඇති පාපන්දු සිකුරාදා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්, සැහැල්ලු මානසිකත්වයක් පවත්වා ගැනීමට සහ ප්‍රීතිමත් පවුල් සන්ධ්‍යාවක් ගත කිරීමට අවස්ථාවකි.

 


අදහස් (0)

පාපන්දු සිකුරාදා හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.