Last Update  :  2024-04-26 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිල්ශාන් - තරංග ශ්‍රී ලංකා පිලට ජයගෙනෙති

ඩිල්ශාන් - තරංග ශ්‍රී ලංකා පිලට ජයගෙනෙති

editorial - 2021 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උපුල් තරංගගේ (නොදැවී 53) සහ තිලකරත්න ඩිල්ශාන්ගේ (47) පිතිහරඹයන් හමුවේ “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්”තරගාවලියේ සෙනසුරාදා (6 වැනිදා) පැවැති තරගයකදී බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත්විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 157 ක් රැස්කිරිමට ඔව්හු සමත්වූහ.

වමත් පිතිකරු බ්‍රයන් ලාරා පන්දු 48 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 53 ක් සහ ඩ්වයින් ස්මිත් පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් කොදෙව් පිල ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

තිලකරත්න ඩිල්ශාන් සහ චින්තක ජයසිංහ කඩුල්ල බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය. උපුල් තරංග පන්දු 35 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 53 ක් සහ තිලකරත්න ඩිල්ශාන් පන්දු 37 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

උපුල් තරංග තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 157
(බ්‍රයන් ලාරා නොදැවී 53, ඩ්වයින් ස්මිත් 47, තිලකරත්න ඩිල්ශාන් 28/1, චින්තක ජයසිංහ 08/1)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් - ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී 160
(තිලකරත්න ඩිල්ශාන් 47, උපුල් තරංග නොදැවී 53, චාමර සිල්වා 22, ටිනෝ බෙස්ට් 22/2, සුලෙයිමාන් බෙන් 19/2)


අදහස් (0)

ඩිල්ශාන් - තරංග ශ්‍රී ලංකා පිලට ජයගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.